සැඳෑව හෝරා කිහිපයක් ඈතය
ඉර සැඟවුනි
පියාසලන ගුවනේ අතරමං කර
රොන් රොඳ කෙඳි වළා
බොඳ සුදු අළු කළු පැහැගෙන
පාවේ ඔබ මොබ
එළමින පාවඩ
ඈත උඩු වියන අහස
උසය අඳුරුය
මෝදුවෙන පුංචි තරු කැට
දිදුලනු දැකුමට
කිමිදෙමි තෙරක් නැති ගුවන
මුදු රළු පරළු සුළං

අගෙයි
ReplyDeleteබොහෝම ස්තුතියි
Deleteනියමයි.
ReplyDeleteබොහෝම ස්තුතියි ප්‍රසා
Deleteකවි ලියන්න මරු වෙලාවක්
ReplyDelete:)
Delete