Friday, May 6, 2016

පමාවී ආ කොහා



බනින්නෙපා
ආවෙ නැතැයි කියා
අරගෙන එරබදු මල්
ගයන්නේ කෝමද
පුරුදු ගීතය
තේ රබර් පොල් කුරුඳු
මැළවුන ගම්මැද්දේ
කපුටු රාළ අමනාපයෙන්
නෑගම ආවේ නෑ කියා
මෙදා කෝකිල ගී රැව් දුන්නේ
ඈත සරු වී මෝල යායේ
ගෙවෙන බක් පුර සඳ එළියේ
ආපහු යන ගමරට
මැයිමල් පොහොට්ටු පොඩි පූදින
වියපත් අත්තේ විරාමයක
කොහෝ කොහෝ...
කියන්නේ හැංගිලා
බෝ දුකින්...

නිමිත්ත: නිහඬව සිටි කොහා මැයි මුල දී කෑගහන්න පටන් අරන්

7 comments:

  1. කොහා කෑ ගහන්නෙත්
    සල්ලි ඉවර උනාම..
    එතකං ඌ සල්ලි වලට
    අඩන්නේ ටී වී එකේ..

    ReplyDelete
  2. අවුරුදු කන්නට ඉල්ලපු ණය
    දුන්නේ නෑ සිංහයාගේ බැංකුව
    නරියෝ කේලම් කියල
    එන්නම්කෝ ලබන අවුරුද්දෙවත්
    ඕඩි එකක්වත් දාල,
    මීට මල් කොහා.

    ReplyDelete
    Replies
    1. ඇයි ණය ගන්න බලා ඉන්නෙ.
      ඕක තමයි ලංකාවට වැරදුන තැන.

      Delete
  3. අපේ පැත්තෙනං තාම කොහා කෑගානව.
    ඒත් බිස්නස් නං අන්තිමයි.
    සොබා දහම වගාකරන මිනිස්සුන්ට ‍
    දීල හොඳ රැග් එකක්......

    ReplyDelete
  4. ඔය කොහා කියන්නෙත් එක විදිහක සතෙක්...... දැන් අවුරුද්ද පුරාම කෑ ගහනවා....

    ReplyDelete
  5. ගමේ මිනිස්සුන්ට අවුරුදු තියෙන පාටක් නැති හින්දද කොහෝ ඇවිත් නැත්තෙ?

    ReplyDelete

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts