තද නිල් පාට රියේ
සුදු තින්ත පින්තාරුව
බන්දා නයනු ධයනු ළංකර
අහුරා වීදුරු කවුළු
කම්බි කොටු දැල
මුරකරන නිලදරු
බාරයේ යනෙන
පොඩි ලමෝ
අසුනු අතර දුවපැන
සෙල්ලමේ...
ඇහුරු කවුළුවෙන්
ඈත බලාගෙන
ඇයි පුතේ
උඹ විතරක්
අසුන් කොනක
තනිවුණේ...
මොන බන්ධන ඉහිරිලාද
පොඩි හිත් මල්
වැටුණේ විලංගුවේ...
සටහන:
බන්ධනාගාර රථයක එහා මෙහා ගෙනියන පොඩි ළමයින් පිරිසක්, බොහෝවිට පරිවාස ළමා නිවාසය හා බන්ධනාගාර කඳවුර අතර ප්‍රවාහනයේ වෙන්න ඇති. කොටුකර හිටියත් ඔවුන් එකතුවී සෙල්ලමක. තවත් ආසනයක ඇස් යුග බරකරගත් දරුවෙක් කම්බි දැලින් ඈත බලාගෙන සොවින්... මෙදරුවා අනෙක් ළමයින් හා එකතු නොවී ඉන්න පුංචි හිතේ මොනවා හෝ පීඩාවකින් වෙන්න ඇති, එහෙමත් නැතිනම් පුංචි රැඳවුම්කරුට නැඟිට ඇවිදින්න තරම් නිදහසක් නැතිව වෙන්න ඇති.
පුංචි ළමයි මල් වගේ.. අපි හොඳට අහල තියෙන කතාවක්. ඒත්, ඔක්කොම පුංචි ළමයි මල් වගේ(ද?)
ReplyDeleteසමහරවිට දෙමව්පියන්ගෙ වැරදි නිසත් ළමයි ඔය තත්වෙට පත්වෙනව.
ReplyDeleteසංවේදි දසුනක් ඩීන් අයියේ.. ජය
ReplyDeleteපොඩි ළමයි පුනරුත්ථාපනය මිසක් බන්ධනාගත කිරීමක් වෙනවද. මේ වගේ දසුනක් නම් බලන්න හරි අමාරුයි නේද. මම මෙහෙ රෝහලකට ගිය වෙලාවේ දැක්ක දම්වැල් දාල සිරකරුවන් එක්ක එනවා බෙහෙත් ගන්න. සමහරු ගාඩ් ලා එක්ක හිනා වෙවී කතා කරකර . සමහරු බුම්මගෙන.සෙනග ලඟින් යද්දී ලැජ්ජාවෙන් බිම බලාගෙන. මොන වගේ දේවල් හිතෙනවා ඇද්ද කියල මට හිතුණ .
ReplyDeleteඅය්යගෙ පද වැල දැක්කහම මතකෙට එන සිද්ධි හුඟක් තියෙනව. එකක්, 2009දි විතර, මනෝවිද්‍යා උපදේශනය පාඨමාලාවකදි, මනෝ වෛද්‍යවරයෙක් කිව්ව කතාවක්. ඔහු පෙන්නුවා සටහනක්- දිනයන් 24ක් තියෙන. අපහරණයට ලක් වුණු කුඩා දැරියකව උසාවියෙ කූඩුවට ගෙනාව වාර ගාන!
ReplyDeleteඊලඟ කතාව ඉස්පිරිතාලෙන්. අදාල දැරියව ගෙනත් තිබුණෙ ළමා නිවාසෙකින්. පියා තමන්ව අපහරණයට ලක් කළායැයි චෝදනා කළ නිසා, පියාව පොලිස් කූඩුවට අරන්. එතකොට දැරියව නඩත්තු කරන්න මවට රැකියාවකට යන්න වෙනවා. දැරියව පරිවාස භාරයට පත් වෙනවා. අදාල ළමා නිවාසයෙ අය, ළමයා යමින් හිටි හොඳ පාසලට ළමයව යවන්න ඒගොල්ලන්ට අපහසුයි කියල, නිවාසයට කිට්ටු පොඩි ඉස්කෝලෙකට දානවා. මේ ළමයා අවුරුදු කීපයක සිට මානසික රෝගයකිනුත් පෙළෙන කෙනෙක්. කලින් පාසලේ මනෝවිද්‍යා උපදේශකවරිය එහෙම ළමයට හරි ආදරෙයි. ඒ සේරම නැතුව ළමයත් "හිතුවක්කාර" වෙලා පාසල් යන්නෙත් නැතුව නිදියනවය කියල ළමා නිවාසෙ අය අම්මා ආහම කියන්නෙ. අම්මා එන එන දවසෙ ළමයා නිදි. පස්සෙ සිහිය නැති වුණහම ඉස්පිරිතාලෙ ගෙනත් තිබුණා. ළමයගෙ මොළේ ගෙඩියක් තිබුණු බව සොයා ගැනුණා.
මාසෙකට දෙකකට උඩදි, ළමා නිවාසෙක ඉන්න පොඩි දුවෙක් ඇදුම අමාරුව සමග රෝහල්ගත කළා. ළමයා එක්ක එන අය ළමයගෙ රෝග ඉතිහාසයක් දන්නෙ නෑ. ෆයිල් එකේ හැම තැනම තියෙනව, "ළමයා අකීකරුය; හිතුවක්කාරය; අවවාද කළ විට වැඩිහිටියන්ට බැන වදී.." ආදී වශයෙන්. ඒ ළමයා දිහා බැලුවහම එහෙම නරකක් පෙනුණෙ නෑ. පස්සෙ අම්මා ආවා. අම්මට රැකියාවකට යා නොහැකි නිසා, දුවයි පුතයි දෙන්නව ළමා නිවාස දෙකකට දාන්න වෙලා. පව්. අඩු ගානෙ ළමයි දෙන්නටවත් එකට ඉන්න තිබ්බනම්.
හරිම ස්ංවේදී වචන ටිකක් ඩීන් අයියෙ. පොඩිවුන් ඉතින් මේවගේ අකරතැබ්බවල් වල වැටෙන්නෙ වැඩිහිටි අයගෙ වැරදි නිසාම තමයි.මේවගේ පොඩි වුන්ගේ අනාගතේ හරිම අවිනිශ්චිතයි.
ReplyDeleteකොමන්ට් වලට බොහෝම ස්තුතියි, පසුව පිළිතුරු ලියන්නම්
ReplyDelete