නුහුරු රශ්නයක බැටකමින් වුව ද පුරුදු තුසර බිඳුවල පහස නැතුවට පොළොව දිගේ ඇදුන තණ පඳුරුවල පත් කවදත් වගේ උද්යෝගයෙන් එකතුව තණකොළ පලස හැඩ කරනවා. තණපලසේ තැනින් තැන කොළ පැහැය වියැකී ගිහින් අඩිපාර ඇඳිලා. කොටුපවුරේ ඉහළට එසවෙන කණ්ඩියක මුදුන තෙක් විහිඳුන තණපලස මැද්දෙන් වැටුණ අඩිපාර උදේ හිරු රැසින් නැහැවිලා, වියලී ගිය තණපත් දුඹුරු පැහ ගැන්වුණ අඩිපාරේ අමුතුම ලස්සනක් මවනවා. හරියට ආකාසෙට යන පාරක් වගේ...
ළහිරු රැසින් නැහැවෙන කළුගල් බංකුව සෙනෙහසින් එන්න, එන්න කියන්නාක්මෙනි. පසෙකින් ඈත රූමස්සල කඳුවැටිය ද අනෙක් පසින් ධර්මපාල උයන ද තම තද ගන හරිත පලසේ අබිමන කියා පානවා වගේය. ඈත කඳු හෙල් අතරින් එඹී බලන හිරු රැස් දහරා ගාලු වරාය බොක්කේ හිර වූ සාගර ජල තලය සීරුවෙන් තාලෙට මවන පොඩි රළ මත වැටී බබළන ලස්සන... ගල් බංකුවේ ඇරයුම කොහොම නම් ඉවතලන්න ද?
ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණය දෙපසින් ඇවිත් කොටු දොරකඩ දී එක්වෙන පාරේ වෙනදා වගේ වැඩි කලබලයක් නැත, නිවාඩු දිනයක් නිසා. ඉදිරියෙන් දිස්වෙන ගාලු ක්‍රිකට් පිටියේ පැත්තක පුහුණුවීම් වල යෙදෙන කිහිප දෙනා මිස පළාතම නුහුරු නිහඬ බචකින් වැසී ගොසින් කියා හිතේ.
අපේ ඉස්කෝලේ බිත්තියක ඇඳි පුරාණ ගාලු කොටුපවුරේ සිතුවම මගේ සිතට ආවා. කොටුපවුර ඉදිරිපිට විශාල ඇලකි, ඒ හරහා වැටුණ කොටුදොරටුව දෙසට දිවෙන පාරකි. පාර පුරා බඩුමුට්ටු පටවා ගත් අත් කරත්ත, ගොන් බැඳි කරත්ත පේළියකි. දිය අගලේ කිඹුලන්, උරගයින් නිදැල්ලේ සැරිසරයි. පාර දෙපස තැනින් තැන ගාම්භීරා ලීලාවෙන් සැරසුණ මුර සෙබළුන්ය.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක් හැටියට කිරුළු පළඳින්න කලින් ගාලු මහජන ක්‍රීඩා පිටිය (The Esplanade) හැටියට ජනප්‍රිය පිට්ටනිය හරහා දිවෙන ප්‍රසිද්ධ අඩි පාරක් විය. එය ගාලු ප්‍රධාන බස් නැවතුම්පොළ හා දුම්‍රිය ස්ථානයේ සිට කොටුව දොරකඩ කරා පයින් ගමන් කරන්නන් ගේ ෂෝට්කට් එකකි. පිට්ටනිය වටා මායිමේ අතු විහිඳුන, කූරු කූරු වගේ කොළ ඇති පයිනස් වර්ගයේ ගස් සිටුවා තිබුණි, ඒවාට කිව්වේ කසගස් කියාය. ගාලු නගරයේ පිහිටි ප්‍රධාන පාසැල් කිහිපයක ක්‍රීඩා පිටිය වූයේ මෙ පිට්ටනියයි. හැමදාම හවස යාමයේ පිට්ටනියේ පාපන්දු ක්‍රීඩා කරන්නන්ගෙන් පිරී ගියේය. බොහෝ විට පාපන්දු තරඟ කිහිපයක් පැවැත් වුණ අතර ඒ වටා සෙනඟ ද රොක්ව සිටියේය. දවසේ රාජකාරි ඉවර කර ගෙවල් කරා යන උදවිය තම බස් වාරය එන තුරු ක්‍රීඩා පිටියට එඹිකම් කරන්න අමතක කරේ නැත.
බැසයන හිරු රැසින් අලංකාර වෙන කොටුපවුරේ බටහිරට දෙස පාමුල හා දිය පාර අතර බිම් කොටස සැලකිය යුතු විශාල බිම්කඩකි. එහි පිට්ටනිය පැත්තට වෙන්න ඇති කොටස පළාතේ ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ සෙල්ලම් පිටිය විය. හවස හතර පහුවෙද්දි, විකට් කූරු, බැට්, බෝල් සමඟ බයිසිකල් වලින් එන පිරිවර සැහැල්ලු පන්දු ක්‍රීඩාවේ යෙදෙනවා දකින්න පුළුවනි. ඔවුන් විසිර යන්නේ දවසේ සේවය අහවරව ඉන්දු සයුරේ ඈත ඉස්සව්වකින් බැස යන ඉර සතැපුනාට පසුවය.
මේ බිම් කඩ කෙළවර වූයේ මුහුදු සීමාවටය. බිම් කොටසේ ඈතට වෙන්න ගල් තලාව ආතර ළිඳක් පිහිටියේය. තෙරක් නොපෙනෙන ඉන්දීය සයුරේ සුවිසල් ජල කඳ මේ පුංචි ළිඳේ පැවැත්මට බාධාවක් නොවූ බව එහි පිරිසිඳු වතුර නෑමට දිනපතා ඇදී ආ සෙනඟ මගින් පෙන්නුම් කළේය. තවද උදේ හිරු එළියත් එක්ක එතැනට ඇදී එන රැකියාවට රෙදි අපුල්ලන පිරිසක් විය. දවල් කාලය වෙද්දි නෙක පාට රෙදිපිළි ගල් තලාවේ එලෙන්නට විය. එහා මෙහා ඇද ගැට ගැසුන රෙදි වැල් දිගේ සුළඟේ ලෙළ දෙන්න විය.
කාලෙන් කාලෙට ගාල්ලට එන සර්කස් කාරයින්ගේ කූඩාරම් අටවන්න මේ බිම් පෙදෙස ඉඩදුනි. පෙදෙසේ දැනට පවතින නලජල ව්‍යාපෘතියේ පයිප්ප ගබඩාව විය, 70 දශකයේ මැද ඒ සුවිසල් කාරිය කළේ රාජ්‍ය සංස්ථා හා නිර්මාණ නීතිගත සංස්ථාව, එහෙමත් නැතිනම් රා.සං. හා නි. නී.සං කියා පොඩි සන්දියේ අපේ හිත්වල නම ලියවෙච්ච රජයේ ආයතනයකි. 1979 විවෘත කල ලංකාවේ දිගම බස් නැවතුම් පොළ ලෙස ඔටුනු පලන් ගාලු බස් නැවතුම් පොළ ගොඩනගන කාලයේ මේ ලොකු හිත් ඇත්ති බස් නැවතුම් පොළ ඇගේ ඇකයේ දරා සිටියාය.
ගාලු මහජන ක්‍රීඩා පිටිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් බවට පත් විය. පාපන්දු ක්‍රීඩකයින්ට තහනම් පෙදෙසක් විය, අවට පාසැල් වලට ක්‍රීඩා පිටිය අහීමි විය.
තැන තැන පොඩි පඳුරු වලින් පිරි, බොරළු හා දුහුවිලි අඩු නැති කොටුපවුර පාමුල සැහැල්ලු පන්දු පිටියට තැනක් ලැබෙන්නට විය. මෙ බිම්කඩට එහායින් පිහිටියේ මහ ගස් වලින් පිරුන ධර්මපාල උයනයි. බිම්කඩ හා උයන වෙන්කර ගලා යන්නේ ඇල පාරකි. එය ඕලන්ද ඇළ, කැපූ ඇළ හැටියට ලේඛනවල සඳහන් වුව ද ජනවහරේ මෝඩ ඇළ කියා පාවිච්චි කෙරේ. ඇළෙන් බලාපොරොත්තු වූයේ ගාලු නගරාශ්‍රිත වැසි ජලය මුහුදට බැස්ස වීම වුවත්, කාලයෙන් කාලයට කල ඇලේ පිළිසකර කටයුතු නිසා ඇළ පතුල හෑරි මුහුදු මට්ටමට වඩා පහත්වීමෙන් මුහුදු ජලය ගොඩ දෙසට ගැලීමයි. එසේ ගැලීම ගාලු දුම්‍රිය ස්ථානය අසල දී අදත් දකින්න පුළුවන් (පළාත් පාලන ආයතනයක සේවය කර මොඩ් නම් ඉන්ජිනේරුවෙකු විසින් කරන ලද මොඩ් ඇල නම් වෙනම ජල මාර්ගයක් ගාල්ලේ ඇති වග මතකයි, හරි විස්තර සොයා ගෙන පසු සටහනක් එක් කරන්න බලාපොරොත්තු වෙමි). ධර්මපාල උයනේ හා කොටුව අතර ගමන පහසු කිරීම සඳහා ඇල මතින් තැනූ පාලමේ හැඩය තටු ආකාරයට නිම කර ඇත. එය සමනල පාලම ලෙස ජනප්‍රිය විය.
කොටුපවුර පාමුල පාමුල බිම් කඩ සමනල ක්‍රීඩා පිටිය හැටියට අභිෂේක ලබන්නේය. අද පළාතේ පාසැල් වල ක්‍රීඩා උත්සව හා ප්‍රසිද්ධ ඉසව් බොහෝමයකට ඉන් ඉඩ සැලසෙන්නේය.
හිටි හැටියේ එසවෙන ප්‍රසිද්ධ සන්නානම් දරන පාට පාට බැනර් කොඩි වලින් පිරෙන සමනල ක්‍රීඩා පිටිය සැඳැ සමයේ බසින ඉරේ චමත්කාර රැස් දහරා හා මුසුව සංගීතයෙන් පිරෙන වාර ද එමටයි. අනේක ඝෝෂා වලින් ද අඩුවක් නැත. බිම්කඩ ඈත කෙළවර සොබාවික ළිඳ තවමත් සේදීමේ කාරියට උරදරන බව ගල්තලාවේ එළෙන පාට පාට රෙදිපිළි සාක්කි දරයි.
එදා ගාල්ල වෙලාගත් රුදුරු සුනාමි ජලකඳේ කුරිරු ආගමනය වගේම අපමණ ජීවිත හා දේපල හානියක් කර ඈත සයුරට පසු බැස ගියේ කොහොමද කියන්න මෙ බිම්කඩ තරම් දන්නා අයෙක් නැති වෙන්න පුළුවන්. ඇය තවමත් බොහෝ දෑ නිහඬව දරන්නීය.
* පිංතූර මගේ ඇස කාචය තුළින් දුටු ගාල්ල
ගාළු පුරවරය ගැන අපූරු චිත්‍රයක්...
ReplyDeleteබොහෝම ස්තුතියි සෙන්නා
Deleteබොහොම පොඩි කාලෙදි ගියාට පස්සෙ ගාලු කොටුවට පය තියන්නවත් ඉඩක් ලැබුණෙ නෑ.. පින්තූර දැක්කමත්,මේක කියෙව්වමත් ආයෙ ගාලු පුරවරේ ඇවිදින්න ආසාවක් ඇති වුණා.
ReplyDeleteපුළුවන් දවසක ගාලු එන්නකෝ.
Deleteකැමරාවක් හා හිස් මෙමරි කාඩ් එකක් අරන් හවස් යාමේ ගාලු කොටුවට ගියාම කාලය පියාඹිනවා දන්නේම නැතිව. උඩින්ම දාලා තියෙන ෆොටෝ එක උදේක ගත් එක්ක.
මාත් පොඩිකාලේ එක පාරක් විතරයි ගාල්ලට ගිහිල්ල තියෙන්නෙ. ඒත් හරියට ඇවිදින්න උනේ නෑ. ඔබේ මේ විස්රතය අගනේයි.
ReplyDeleteබොහෝම ස්තුතියි ප්‍රසන්න. එන දවසක කියන්නකෝ.
Deleteඋඹත් මේ පාර එහෙනං යහපාලනයට නෙහ්.. ජය වේවා.. හිටං
ReplyDeleteගාල්ලේ ලෑලි ගැන හොද පෝස්ට් එකක්. හැබෑට මචං මං සිරාවට අහන්නේ දකුණේ උන් ඇයි ඔය තරං රොද්‍ර???
එහෙම හිතෙනව ද? අපි අහින්තකයි, හැමදාම තැලෙන මහජන විපස්සයේ...
Deleteමයිනහම ෆ්‍රිඩ්ජ් එකක් වෙලා, කිණිහිරිය කොට්ටයක් වෙලා කම්මල්කරු කම්මැලියෙක් වුනොත්... හාඩ්ෂිප් සාගරයේත් නෑ.
ගාල්ල ගැන ලස්සන චිත්‍රයක් මැවුන ඩීන් අයියෙ.අයියගෙ වචන හරඹය නම් පංකාදු පහයි.
ReplyDeleteඑහෙම නම් හොඳයි, බොහෝමත්ම ස්තුතියි.
Delete