Tuesday, April 26, 2016

තනි නෑ ගං මෝය


තෙරක් නොපෙනෙන
ඈත සයුරේ
උදෑසන කැටුව
පියඹා එන කුරුලු රෑන...
විඩාබර රැය පහන් කර
දියඹෙන් මතුවෙන බෝට්ටු පෙළ...
රිද්මයට නැග එන බැස යන
ලොකු පොඩි රළ එක්ක
ඔට්ටු අල්ලන කොලු කැල... 
ඈත ඈත නෙතු මානේ
සයුරු දිය පහස ලැබුමට
අහසින් බැස එන වලාපෙළ...
අහක බලාගෙන යනෙන 
මහ නැව් පෙළ...
විඩාබර දවස කෙළවර
පාට පාටින් අහස සරසා
ඈත සයුරේ ගිලි සැඟවෙන
සූරිය රජුන...
මවන නෙක අසිරි සිරිය
රිසි සේ වින්ද
ගං මෝය
අහුරා කළුගලින්
උස දියකඩනය වැට බැන්ඳ
කළුගල් පාත්තියේ
මුදු සැඩ රැස් විඳ විඳ
පිපෙන පාට පාට මල් කුඩ
තුටු කර සනසන
මහමෝදර ගං මෝය...

ප.ලි:
මහමෝදරින් මුහුදට වැටෙන්නේ ගිං ගඟේ අතුගඟක්. එය පරණ සිතියම් වල කැපූ ඇළක් හැටියටත් පෙන්වන අවස්ථා තියෙනවා, සමහර විට ගිං ගඟේ උඩහ ගං වතුරෙන් බේරගන්න කරපු උපක්‍රමයක් වෙන්න ඇති. ඉස්සර මහමෝදර මෝය (ගාල්ල කොළඹ සාමාන්‍ය මාර්ගයේ මහමෝදර රෝහල පසුකරත්ම කොළඹ දිශාවට වෙන්න පිහිටා ඇත ) කෙළින්ම මුහුදට වැටෙනවා. මුහුදු රළ සැර වුණාම මෝය කට වැහෙනවා වැලි පිරිලා. මේ තත්වය වළකන්න  දියකඩනයක් බැඳ ඇත්තේ සුනාමියෙන් පසු කාලයේ. ඉන් කලින් වූ මෝය කට සෑහෙන්න වැහිලා, දිය රැල්ලෙන් හා ඛාදනයෙන් වැළකෙනවා.

ඉස්සර මෝය නග්න ඇසින් දකින අසිරිය දියකඩනය නිසා ඇහිරිලා. ගොඩකරයේ සිට සෑහෙන්න ඇතුළට විහිදෙන දියකඩනය දැන් විදෙස් සංචාරකයින් පවා බස් පිටින් ඇවිත් බහින අළුත් කලාපයක්. ඒ විතරක්යැ දවස පුරා පාට පාට කුඩ මල් පිපෙද්දි ගල් පාත්තියේ... මෝයට මොන තනියක් ද... සතුටු නැතැයි...

6 comments:

  1. කළුගල් පාත්තිය නැත්තං
    වෙරළ සෝදාගෙන
    රළ ඇතුලට විත්
    කරන වින්නැහිය

    ReplyDelete
  2. විස්තර කරණකම්ම ඉන්න වෙයි වගේ....මට හිතෙන ඒවා ඩීන් අයියා දෙන්න හදන පණිවිඩේ අහලකටවත් එන්නේ නෑ...

    ReplyDelete
  3. කාලය සමග වෙනස් වූ
    ගං මෝයේ දසුන

    සෙන්නා කියන කතාව ඇත්ත. අය්යගෙ පැදිවල අරුත් ගොඩයි. අපිට වැටහෙන්නෙ ඉන් එකක්. වඩා ගැඹුරු අරුත් තේරෙන්නෙ වටහලා දුන්නහම

    ReplyDelete
  4. ඟඟක් වගේ ගලාගෙන යන වචන ටික ඩීන් අයියේ

    ReplyDelete
  5. මහ මෝදර අකුරැස්සෙ අපිට සමීප තැනක්... ඒත් මං තාම ගංමෝය දැකල නැහැ නේ.......

    ReplyDelete

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts