සැඩ හිරු දවනවා
රන් දළු පිදූ අතු අග
පරවෙලා කළු
වියපත් කොළ වසා
දුඹුරු පැහැ දුහුවිලි
දළු නෙළන අතැඟිලි
පුරුද්දට දින ගනිනවා
විඳිනවා සුවඳ
පාට මල් ඉහිරුණ සළුපිළි
හෑල්ලු දළු ගෝනි
බර පොහොර මිටි
අතර හිරවෙලා
කුඩා තේ වැවිලි
යායේ තැනින් තැන
උස ඇල්බීසියා ගස්
යාරේ කොට වෙලා නිදි
ඈත හිස් අහසේ
කණකොක් රෑන පීරනවා
කොහෝ කෝ නුඹ...
Ohe vavanna gattai :(
ReplyDeleteඅනේ නැහැ, වැවිල්ලක විනාසය ගැන ලිව්වා විතරයි.
Deleteහොඳම තේ සුද්දන්ට
ReplyDeleteකසල තේ පොඩ්ඩන්ට
අගෙයි...
මේ පැත්තෙනං තාමත් කොහා කෑ ගහනව.
ඇත්ත කතාව, දළුවල මිල පහත වැටීමට හේතුව ලෝක වෙළඳ පොළේ තේ මිල බැහීම ලු. ඒත් අපිට බොන්න ලැබෙන ඩස්ට් (ස්වීපිං) මිල නම් අඩුවක් වුනේ නැහැ. ලෝකය වෙළඳපොළක් වුනාට අපි වියදම් පොළක් (වෙනස්) නෙවැ.
Deleteදළු මිල අඩුවීම පහත රට කුඩා තේ වැවිලි වලට බොහෝ සේ බලපා ඇත.
අපූරුයි නිර්මාණය......
ReplyDeleteබොහෝමත්ම ස්තුතියි ඇගයීමට
Deleteලස්සනයි..
ReplyDeleteබොහෝම ස්තුතියි
Deleteඩීන් අයියා හුඟක් දේවල නොදකින පැත්ත දකිනවා දෝ කියලා හිතෙනවා හැමදාම දාන ඒවා බලපුවාම...
ReplyDeleteගාල්ල අවට කුඩා තේ වතු වගාවන් සුලබයි, ඒ අතර පරම්පරාවෙන් උරුම වූ ඉඩම් වගේම බොහෝම මහන්සියෙන් උපයා තේ වල රන් (කහවනු) රසට වහවැටිලා කුඩා තේ වතු වගාවට අත ගහපු අය ද එමටයි. මොන පාර්ශවය උනත් රටට හොඳ විදේෂ විනිමයක් ගේන පහත රට තේ වෙළඳ පොළ උරමත තියාගෙන ගිය උදවිය. පහුගිය කාළයේ ලෝක වෙළඳ පොළේ තේ මිල අඩු වුනාලු, තේ දළුවලට ගෙවන මිළ කඩා වැටුනා. මෙ අවස්ථාවක දී වැවිලිකරුවන්ට සහන සැලසීම වෙනුවට ඔවුන් ලද පොහොර සහනාදාරය ද කප්පාදුවට ලක් වුනා. ඒ මදිවට වැසි නැතිව අධික රශ්ණයෙන් ද ඔවුන් තවත් පෙළීමට පත් වුනා.
Deleteසම්ප්‍රදායිකව අවුරුදු කාළය කියන්නේ වතු වැඩවල යෙදෙන අයට තෑගි බෝග ලැබෙන කාලය. දමිල අය අලුත් අවුරුද්දට කියන්නේ චිත්තරෙයි කියලා, වතුකරයේ ඔවුන්ට තෑගි මල්ල අහිංසක අයිතියක් වගේ, වතුහිමියාගේ වගකීමක්.
තුෂර බිඳු පහස උරුම තේ දළු ගිණියම් අව්වට පිච්චී, කොළමත දුහුවිලි තට්ටු අරක්ගෙන.
තේ වගාවට යෙදන පොහොර පසතුල රැකගැනීමේ උපක්‍රමයක් හැටියට තේ පඳුරු අතර ඇල්බීසියා වවනවා. පොහොර නැත්නම් මොන ඇල්බීසියාද? ඒවත් ලොකු දර කොටන් වලට කැපිලා බලා ඉන්නවා... කනකොක්කු අහස සැරිසරද්දි...
හැම පැත්තෙන්ම පීඩා විඳින කුඩා තේ වතු වැවිලි කරුවා මේ පදපෙලට මුල් වුනා.
අනෙක, දැනටමත් වතු වැඩවලට සම්ප්‍රදායීක ශරම බලකාය වන දමිල උදවිය අඩුයි ලු. අපි පදිංචි මුහුදුකර පෙදෙසේ සිට වතු පිහිටි දිසාවට වැඩකරන අය (දමිල නොවන ) ප්‍රවාහනය කරන වාහන කිහිපයක් උදේට දකින්න පුළුවන්. තේ වැවිල්ල කඩා වැටුනොතින් ඒ සේවක පිරිසට යන කල? ඔවුන් ඉන් ඈත් වුනොත් හෙට අපේ ශ්‍රම වෙළඳ පොළ ආක්‍රමණයට ඉඬ් ඉන්දීය නරියා ආයෙත් තේ වතු අරක් ගන්න පුළුවන්.
Deleteඔබ හැමදාම ලොකු කතාවක් පොඩි පද පේලියක් අස්සේ හිර කරණවා. ඒක විශ්මිත හැකියාවක්..
Deleteමේ හැම වෙනසක් දිහාම අනිත්‍ය සංඥාව වඩමින් අපි බලා ඉඳිමුද ? එහෙම නැත්නම් වෙන කළයුතු දෙයක් තිබේද ? මටනම් තේරුම් ගන්න අමාරුයි.
ස්තූතියි මේ පිළිතුර ගැන දැනුවත් කළාට. නැත්නම් මට මේ පසුබිම් කතාව මගහැරෙනවා...
ස්තූතියි ඩීන් අයියා.
තෙරුවන් සරණයි !
පදපෙල කියවන්න ගොඩ වූ හැමට බොහෝම ස්තුතියි.
ReplyDeleteකොමන්ට් සටහන් වලට බොහෝමත්ම ස්තුතියි, පසුව පිළිතුරු ලියන්නම් වෙන වෙනමම.
කෙළවරක් නැතිව වෙහෙසෙන ඇනෝ(ලා)ට ද පිං
හෑල්ලු දළු ගෝනි
ReplyDeleteබර පොහොර මිටි...
කවදහරි
බර වෙච්ච දළු ගෝනි
හෑල්ලු පොහොර මිටි...
වුනෝතින්
කොහා හැමදාම එයි...
ඔව් සහෘදයා, ඔවුන්ට කොහා හඬලන්නේ එදාට.
Deleteකාලෙකට පසුව ඔබව දැකීම ගැන බොහෝම සතුටුයි.