ඈත සාගර ජලතල
ගැටෙන සුළං කඳ
මතු කරන කැලතිල්ල
මවන ලොකු පොඩි රළ පෙළ
ඔද තෙද පාමින
අවුදින් ගෙවා මහ ගව්
ගොඩකරේ අබිමුව
බිඳි පොඩිව වෙරළෙ විසිරෙන
කිරි සුදු මුදු පෙණ
ගැටුමක...
ගිමන් හරින ගැඹුරු සයුර ඈතක
නිසසලය තැන්පත්ය
තවත් සුලඟක් හමන තුරු...
සුන්දර නිර්මාණයක්...
ReplyDeleteබොහෝමත්ම ස්තුතියි ඔබට
Deleteලස්සනයි..................... එහෙනං 2016ටත් ලියන්න පටන් ගත්තා යෑ....... ජය
ReplyDeleteබොහෝම ස්තුතියි.
Deleteපටන් ගමු, පටන් ගමු...
නියමයි.
ReplyDeleteමේ අවුරුද්දටත් එකද දාන්නෙ. හැක්..
තදවෙනවා ඩෝ මේ රෝන් ටෝක් වලට..... එහෙනහ්..... :D
Deleteවෙන්සක් කරන්න බලමු නේද Praසා
Deleteඩීන් අයියා, හුඟ කාලෙකින්.... ආයෙත් පරණ පුරුදු රිද්මයට යයිද ?
ReplyDeleteඅකුරු හරඹය පුරුදු රිද්මයේ අරගෙන යන්නයි උවමනාව
Deleteබොහොම කාලෙකින්නේ... මාමා මේ පැත්තෙ ඇවිත් තියෙන්නෙ.. 2010 ලිව්ව වගෙ ලියන්නකො අප්පා..!!
ReplyDeleteබොහෝම ස්තුතියි වර්ශා, ඒ කාලේ විදියට පොස්ට් කරන්න පුළුවන් වේවි නම් ගොඩාක් සතුටුයි. බලමු. ඉගෙනීම් කටයුතු හොඳින් කරගෙන යනවා නේද?
Deleteඒකනේ... අපි බලන් ඉන්නවා.දැන් සරසවි ප්රවේශය බලාගන ඉන්නේ මාමේ..))
Deleteබොහෝම සන්තෝසයි. සුබ පැතුම්!
Deleteඩීන් අයිය... මරු කව!
ReplyDeleteබොහෝම ස්තුතියි, කස්සා මල්ලි කාලෙකට පස්සේ
Delete