වටකර පාට හැඩතල
විනිවිද වීදුරු බෝල
නෙක සෙල්ලම් පාන
දිලිසි දිලිසී සාප්පුවෙන් එන
නවමු ගිනි ටොයියන්
ගැටී උරෙනුර මතුවුණ කඩතොලු
ඔප මොට කබ්බන්
රොක්වෙලා මැදිකර ජිල් වල
හිරවී ඉරි හතරක කොටුවක
බෝල සෙල්ලම
තියෙන තුරු හැඩ වටකුරු...
වීදුරු බෝල
දිලෙන
පාට හැඩතල පාමුල
විනිවිදය මියැදෙන,
ටිකෙන් ටික දිස්නේ මිලිනව
බොඳවෙන
තව ඉත්තෝ පිලෙන් පිලට එක්වෙන
ජිල් බෝල කයියක් මං දැක්ක නේ කොහේදි හරි.. වල්කම් බැක් ගල්මල්
ReplyDeleteතැන්කූ දේශ්. අවුරුදු කීපයකට කලින් ජිල්බෝල මුල්කරගෙන කල කාලින විමසුමක් කියෙව්වා මටත් මතකයි.
Deleteකඩ රාක්කවල ටොයියෝ බෝතල් වල පුරවල තියෙනවට වඩා ටොයියෝ දිස්නේ දෙන්නේ කබ්බෝ ටොයියෝ එක්ක කලවමේ තියෙන කොට
ReplyDeleteඅන්න ඒකයි රහස
Deleteඩීන් කාලෙකින්.
ReplyDeleteහැමදාම දිස්සෙ ගගහ ඉන්න බෑනෙ. කාලයක් යනකොට අලුත් අයට ඉඩදීල පරණ අයට යන්න වෙනව.
දැං ඉන්න ළමයි ජිල් ගහනව කියන්නෙ මොකක්ද කියලවත් දන්නවද කියල සැකයි.
ඔව් ප්‍රසා ඒකයි වෙන්න ඕනේ, ඒ ටික තෙරුම් ගත් දාට මෙ රට මීට වඩා වෙනස් වේවි.
Deleteඅද ලමයි ජිල්බෝල ගැන දැනගෙන හිටියත් ඒවා සෙල්ලම් කරන්න වෙලාවක් තියේද කියන එකයි ප්‍රශ්ණය.
කාලෙකින් ඇවිත්. මල්ලි, දැන් ලමයි මේ සෙල්ලම් දන්නෙ නෑ. ලස්සනයි පද පෙල. පිලෙන් පිලට එක්වෙන අය, මෙහෙම තමයි ජීවිතෙත්. කාලෙන් කාලෙට වෙනස් වෙනව.
ReplyDeleteබොහෝම ස්තුතියි අක්කේ. කාලයාත් එක්ක වෙනස නොවැලැක්විය හැකි දෙයක්. මොන ටොයියා වුනත් දිලිසෙන්නේ කාලයක්, කෙටි කාලයක්. අනිවාර්‍යයෙන්ම කබ්බෙක් වෙනවා.
DeleteDan toyyo hangila. Baiyekda, kabbekda?
ReplyDeleteපිටියේ හැමදාම දිස්නෙ දි දී ඉන්න බැහැනේ
Deleteජිල් බෝල දැක්ක ගමන් පොඩි කාලේ මතක් වුණා බං... මොනවා වුණත් උඹ අාපහු ලියන්න අාව ඒක ගැන සතුටුයි.... දිගට ම ලියමු.... දිගට ම ..
ReplyDeleteඔව් කුරුටු අපිට එහෙම මතක් කරන්න පුළුවන් සොඳුරු කාලයක් තිබුණා, ඒත් අද පොඩි එවුන් ගැන හිතද්දි දුකක් දැනෙනවා නේද?
Deleteහැමදාම වගේ .. රසවත් අරුත්බර පැදිපෙළක්.. මාත් මෙහෙ ආවෙ කාලෙකින්.. ජය වේවා ඩීන් අයියා..
ReplyDeleteබොහෝම සතුටුයි චතුර මල්ලි. ඉඳ හිට ලියනවා වුනත් ඉඩ ලැබුණ ගමන් බ්ලොග් කියවීම කරගෙන යනවා - බොහෝ විට නිහඬවම
Deleteමාත් මේ පැත්තට ආවේ මුල්ම වතාවට, පද වැලනම් ලස්සනයි මචන්...
ReplyDeleteජය වේවා!!!!
ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා
Delete