Thursday, February 21, 2013

ප්‍රහේලිකාව (ජිග් සෝ)



මැන මිමි
දුවා කියත
සිත් සේ
කෑලි කල
පරිපුන් සිතුවම
යාකර හැදුමට
වෙහෙසෙන
හදමින් කඩන
කඩමින් හදන
සෙල්ලම
කියත්දැති පෑරු
හිදැසි ම
ඉඟි දෙන

16 comments:

  1. ".....කියත්දැති පෑරු - හිදැසි ම - ඉඟි දෙන...."

    හිතේ තිබ්බ චිත්‍රය, කෑලි කපල, එකින් එක හැබෑවට හදාගෙන, ආයේ පුරුද්දන්න හදනකොට අර හිදැසි ඉඟි දෙනව නේන්නම්...

    විශිෂ්ඨයි මහත්තයෝ!
    [ජීවිතේ අභියෝග බාරගත්තු මිනිස්සු විතරක් දන්න ඇත්ත - මේ මම දැක්ක හැටි!]

    ReplyDelete
    Replies
    1. තිස්ස අය්යට පේන තරං ගැඹුරින් තේරුං ගන්න බැරි උනත් මමත් මේ අදහසට ආසයි...
      ඉස්සර මගෙ සෙල්ලම් බඩු අතරෙ තිබුණ කෝච්චියක් කෑලි කපපු ජිග්සො පසල් එකක්... පුංචි කාලෙ ඒකත් එක්ක සෙල්ලං කරල සතුටු උනාට පස්සෙ තමයි තේරෙන්නෙ අය්ය කියන දේවල් ටික...
      "සෙල්ලම කියත් දැති පෑරූ- හිදැසිම ඉඟි දෙන"

      Delete
    2. ඉස්සර හදල ඉවර උනාම කෝච්චියක් හැද්න ජිග්සො පසල් එකක් මටත් තිබුන., ඒත් ඒක පිටිපස්සෙ මෙච්චර ගැඹුරු ජීවන දර්ශනයක්...ඒක නං මට කවදාවත් තිබිල නෑ...
      "...කියත්දැති පෑරු - හිදැසි ම - ඉඟි දෙන..."

      Delete
    3. @තිස්ස: මේ පදපෙල අමුණන්න කරුණු තුනක් හේතු වුනා. ඉන් පලමුවැන්න බොහෝම ලස්සනට ඔබ තුමා විග්‍රහ කරලා තියෙනවා දුටුවාම ලොකු සතුටක් ඇති වුනා.

      දෙවැන්න: ජිග්සෝ පසල් නිපැයුම වාණිජ කර්මාන්තයක් විටෙක රූපය සකසලා (හිතැඟි පරිදි) කෑලි කපනවා. ඒක ඉටු කරන්න යහපත් ව ඇති රූපය කැබැලි කරන්න ජිග්-සෝව දුවවනවා. කෑලි වූ රූපය හාවීමේ නොවීමේ හැකියාව කියත හැසිරවීම වගේම කියතේ හැසිරීම විසින් ඇති කරන පෑරීම මත රැඳෙන්න පුලුවන්. පසලය අමුණා සකසන්නා වෙහෙසකර ව්‍යායාමයකට බඳුන් වුනත් පසලය ඇති කිරීමේ මූලික අරමුණ මුදල් ඉපැයීම, එතැන දී රූපය නැවත ගොඩ නැගීම ගැන අල්ප මාත්‍ර උවමනාවක් තිබිය හැකිද? කර්මාන්තය වගේම සෙල්ලම ද දිගටම කෙරීගෙන යයි.

      තෙවැන්න: ප්‍රසන්නගේ කොමන්ටුවේ පිලිතුර බලන්න

      (ප.ලි: පසල් හදන අනෙක් ක්‍රමය රෙඩිමේඩ් කෑලි කපන ලද මාදිලියක රූපය අච්චු ගහනවා)

      Delete
    4. @චේජනා: නංගෝ හැම පුංචි දෙයක්ම ලොකු පාඩමක් නොවැ.

      Delete
  2. දෙයක් වෙන්කළානං ඒ වෙන්කරපු තැන බලාගෙන ඒ දේ හදාගන්න තිබුණ කියන එකද මේ.

    ReplyDelete
    Replies
    1. තෙවැනි කරුණ මතුකර ඔබට බොහෝම ස්තුතියි. පිලිවෙලකට කපා වෙන්කරා නම් හදා ගන්න පුලුවන්, කුඩු පට්ටම් කරානම් ලේසි නැහැනේද කියන කොටසත් එක්කරන්නම්.

      Delete
  3. මටනම් මුකුත්ම තේරුන්නෑ අප්පා.. තිස්ස මහත්තයගෙ කමෙන්ට් එකෙන් පොඩි අදහසක් ඔළුවට වැටුනා.. ඒත් පැහැදිලි මදි..

    ReplyDelete
    Replies
    1. ඉහත කොමන්ටු වලින් විස්තර පැහැදිලි කරා, තිස්ස මහතා විග්‍රහ කර කරුණ තමා මූලික.

      Delete
  4. ඇත්ත...සාර්ථක ජීවිතයක් හදාගන්න වැටෙන්නම ඕනෙ...නමුත් "සාර්ථක ජීවිතයෙ" සීමා මායිම්?????

    සුලා...

    ReplyDelete
    Replies
    1. "සාර්ථක ජීවිතයක් හදාගන්න වැටෙන්නම ඕනෙ..." වැටි වැටී නැගිටින්නත් ඕනේ.

      සීමා මායිම්: අත්මාර්ථකාමියෙකු නොවෙන්නෙකුට ඒ මායිම් ඇඳ ගැනීම ලේසි වෙන එකක් නැහැ කියන්න පුලුවනි.

      Delete
    2. දවසක් මං මෙහෙම ලිව්වා:
      Spring is a piece of coiled wire. Each time it is pressed stores energy, bounce back firmly, regain its shape enables spring stand tall and firm. That’s resilience and motivating factor of my life.

      http://amazingspring.blogspot.com/

      මං තවමත් එය එසේම විශ්වාස කරනවා, මතුවටත්...

      Delete
  5. අපූරු අදහසක්.. ජීවිතේට පසු නොබසින,අතරමං නොවෙන වටින පාඩමක්..!

    ReplyDelete
  6. ඩීන් අයියා.. කවදත් පේන්ට දකින්ට තියෙන දෙයක් හරහා මතුකරන චමත්කාරය අති විශ්ෂ්ඨයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලියේ, ලස්සන පදකරන චතුර මල්ලි වගේ කෙනෙකුගේ මේ සටහන බොහෝම බරයි. අපේ පරණ කවි හවුල මතක් වුනා.

      Delete