රළු රළ පෙන කැටි
එකසේ අර ගන්නා
මුදු වෙරළ සේ
සවන් යොමා...
දවන තද හිරු රැස
මුවාකර එලා වියන
අහස් කුස සේ
නෙතු අයා...
සිතිජ ඉම මෙන්
තෙරක් නැති
හැම තතු
හිතේ පුරවා...
අවැසි විට අනවැසි දෑ
මුදාහල හැකිනම්
දැනෙතෑකි සැහැල්ලුව...
තරම් වේවි දෝ
රිද්මය දුවවන්න
සිතුණා...
'අවැසි විට අනවැසි දෑ මුදාහල හැකිනම්' ඒක තමයි කරන්න අමාරුම වැඩේ.
ReplyDeleteකරන්න පුලුවන් වෙවි නම් මිනිස් සිත ද ඉරිතැලෙන්නේ නැතිව විසල් වේල්ලක් වගේ ශක්තිමත් වෙන්න පුලුවන් වේවි
Deleteහිතුව වුනාට කරන්න ලේසි නෑ මිත්‍රයා.
ReplyDeleteමොකද අපි ගොඩක් වෙලාවට අනවශ්‍ය ඒවා තියාගෙන අවශ්‍ය ඒවා විසිකරලා සැහැල්ලුවක් නැතුව දුක් විඳින එක තමයි කරන්නේ . . .
කාලෙකින් . . කොහොමෙයි සැප සනීප?
එකඟයි මිත්‍රයා. Less important පුරවා හිත තෙරපාගෙන More important අතපසු කර Tension පුරවාගෙන දුක් විඳින එකයි කරන්නේ.
Deleteකාලෙකට පසුව වුනත් දැකීම බොහෝම සන්තෝසයි. හොඳින් ඉන්නවා යාලු.
පුරුදු විදියට ඔබේ බ්ලොගය කියවන නමුත් බොහෝ විට කිසිවක් සටහන් නොකර එනවා (පෑනට වෙඩි වදින කාලේ)
This comment has been removed by a blog administrator.
ReplyDeleteමටත් මේ පැත්ත කාලෙකින් බලන්න බැරිවුණා ඩීන් අයියා.... ආපහු ලියන එක ස්තුටක්...
ReplyDeleteහිත ගැන හිතන එකනම් හිතා ගන්න බැරි තරම් අමාරුයි...
බොහෝම ස්තුතියි, දැකීමත් සතුටක්.
Deleteහිත ගැන හිතන එකනම් හිතා ගන්න බැරි තරම් අමාරුයි... ඔය කියලා තියෙන්නේ.
හ්ම්. හිතන විදිහටම ඒ පරක්කුවෙන් අනවශ්‍ය දේවල් හිතින් බැහැර කරන්න පුළුවන්නම්... ඒත් අපි ඉබේම කරන්නෙ ඒ දේවලම එල්ලිලා ඉන්න එකනෙ.
ReplyDeleteඅනවශ්‍ය දේවල් හිතින් බැහැර කරන්න පුළුවන්නම්... මොනතරම් හිත සැහැල්ලු වෙන්න පුලුවන් ද?
Deleteයාන්ත්‍රිකව වැඩ කරන බිත්ති ඔරලෝසු (විශේෂයෙන් පරණ තාලයේ ඒවා) දුවන්නේ ඔරලෝසු බට්ටා (pendulum) කියන දෝලනය වෙන කොටසකින්. ඒ රිද්මානුකූල දෝලනය පවත්වා ගැනීමට බරක් අවශ්‍ය වෙනවා.
ඒ වගේ අරකී හිතේ සැහැල්ලුව ජීවිතයේ (පුරුදු) රිද්මයට තරම් වේද?
දුක් කරදර නැති දවසක දුර පෙනෙන්නේ නෑ... කියන සින්දුවකුත් තියෙනවා
කතාව සහතික ඇත්ත ඩීන් අයියෙ..
ReplyDeleteඔව් මල්ලි; බර දුවවන රිද්මය ගැන ඔබට පොතක් ලියන්න පුලුවන් ඇති.
Delete