තට්ටු දමින්
දණ්ඩ දෙකෙළවර
එල්ලෙන
කොක්ක උඩින්
මුදලාලි ඔසවා
රඳන
කටුව මැදින්
අතින් මුවාකර
වැහෙන
පඩි බර
පැත්තට නිති
ඇදෙන
Image Souce: http://img2.etsystatic.com
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්‍ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...
ලස්සන නිර්මාණයක්. හැබැයි දැන්නං වැඩි හරියක් තියෙන්නෙ ඉලෙක්ට්‍රෝනික් තරාදි පොලවල් වල හිටං.
ReplyDeleteස්තුතියි මිත්‍රයා. ඔබ හරි, බොහෝ විට පරණ තරාදිය දැන් සංඛේතාත්මක විතරයි නොවැ.
Deleteඅන්න හරි ඩීන් අයියා . . .
ReplyDeleteතරාදියේ අපිට පේන සමබර කම රැඳිලා තියෙන්නේ මුදලාලි අතින් වහගෙන ඉන්න තැන කියලා අපි තේරුම් ගන්න ඕන . . .
එතකොට බර වෙන පැත්ත තීරණය කරන්නේ මුදලාලි . . .
තරාදියෙන් අපිට සාධාරණය ඉෂ්ට වෙන්න නම් හොර මුදලාලිගේ පුකට පයින් ගහලා එලවලා සාධාරණ මුදලාලියෙක් ඉන්න කඩේකට යන්න ඕන . .
කොහොම කිරුව ද ගෙවන්න නම් සිදුවෙනවා අඩුවක් නැතිව.
Deleteහැමදාම වගේ අදත් අමුතුම කවියක්...
ReplyDeleteඒත් සරළයි කියලා හිතනවා
Deleteඒක නම් ඇත්ත
ReplyDeleteහ්ම්
Deleteමේවාට තමයි රැඩිකල් කවි කියන්නේ. ලිවිය යුත්තේ මෙවන් කවීයි.. යුගයේ කවියක්...
ReplyDeleteබොහෝම ස්තුතියි ලොක්කා
Deleteපට්ට!!
ReplyDeleteබොහෝම ස්තුතියි මලේ
Deleteනියම සයිට් එක මම සිංහ පීඩියාව ලියන යසිරු http://sinhapedia.blogspot.com/
ReplyDeleteබොහෝම ස්තුතියි යසිරු
Deleteමම ආමි...
ReplyDeleteකවි බැලිමි..
හද හිස් බැවින්...
යළි ගියෙමී..
නුඹට ජය...!
සුලා..
සුලා උඹ තාම සයිබරේ ඉන්නවද?
Deleteඋඹ අබුඩාබි ඉන්නේ කියලා තිසා කිව්වා.
ඒත් උඹේ අන්න්‍යතාවය එලි දක්වන්න ඌ කැමති නෑ.
මමත් දැන් ඉන්නේ අබුඩාබි.
කැමති නැද්ද හැබෑවට කතා කරන්න?
ඇවිත් බලලා යනවාට ස්තුතියි. නුඹේ පුංචි පදපේලි අතර උත්තර සොයන්න උත්සාහ කරමින් ඉන්න වෙලාවක දුකාගේ කොමන්ටුව දැක්කේ. තොරතුරු දැන ගන්න කැමැතියි මලේ, අපි අබුදාබියෙන් පිටව ඇවිත් මාස ගානක් වෙනවා.
Deleteමෙහෙම තමා පොලේ නම් වෙන්නෙ.D; අනෙක් තැන්වල තරාදි නෑ නොවැ මල්ලි. සරල අරුත්බර පද පෙලක්. ඔබට ජය!
ReplyDeleteඔව් අක්කේ පොලේ හා බයිසිකල් වලින් ගොස් වෙළදාම් කරන අය තවමත් පඩි තරාදිය පාවිච්චි කරනවා.
Deleteදැන් තරාදිය සංකේතයක් විතරයි නොවැ.
බොහෝම ස්තුතියි අක්කේ.
හදිසියේම මතක් වුනා මුණු පොතේ දැක්කට කමෙන්ට් එකක් දැම්මේ නැහැ නේ කියල. ලොකු තේරුමක් තියෙන පොඩි කවි .. ඔබේ කවි නිසල දිය වගේ ..දිය යට සුළි සැඟවුන
ReplyDeleteදාහක් වැඩ අතරත් ඇවිත් නොවරදවා කොමන්ටුවක් තියන එකට බොහෝම ස්තුතියි.
Delete"...නිසල දිය වගේ ..දිය යට සුළි සැඟවුන" බොහෝම ලස්සන කියමනක්.
ඇනෝ කොමන්ටු කිහිපයක් මකා දැමීමට සිදුවුනා. ඒ අතර වූ අවවාදයක් අරන් ආ ඇනෝ කොමන්ටුව උපදේසයක් හැටියට බාර ගතිමි, ස්තුතියි.
ReplyDelete