රළු රළ පිරි
ජීවන ගඟ
ඉහළ පහළ
පදින ඔරුකඳ
නොනිමි ගමනේ
හබල දිරියයි
සසලව නිසසලව
ගලන ජලේ
තුලනය කරන
කොල්ලෑව නුඹයි
සෙවණසේ ඇදෙන
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්‍ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...
නියමයි...
ReplyDeleteබොහෝම ස්තුතියි ඔබට
Deleteමේක නම් ප්‍රිය බිරිඳ වෙනුවෙන් නේද ලිව්වේ
ReplyDeleteඑක පැත්තකින් ඔබේ කියමන හරි.
Deleteකොල්ලෑව කියන්නේ ඔරුවක් කියද්දි අපේ හිතට නිතැතින්ම එන අපිට හුරු ශෛලියේ (traditional boat with a outrigger) ඔරුවක ප්‍රධානම කොටස. ඔරු කඳට පිටතින් සවි වුවද ඔරුවට සමාන්තරයි. තොටියාට සවිය, හබල, ඉලක්කය, ශිල්පය/දැණුම තිබුණත් කොල්ලෑවෙන් කරන බැලන්ස් කිරීම නොවෙන්න සුලි, දියවැල් පිරි සැඩ දියපාරක ගමන් කරන්න ඔරුවක් නැති වෙන්න පුලුවන්.
ඒ අනුව කොල්ලෑවන් වන හැම උත්තමියකටම මෙය පොදු පදපෙලක් කියන්න පුලුවනි.
ම්...
ReplyDeleteතාත්තා වුනත් මා බත සරිකරන
Deleteඅම්මා නුඹයි මා දරු දැරියන් රකින
කියා අමරදේවයන්ගේ හඬින් ඇහෙද්දී //මා// කියන පදය //මා,// හැටියට හිතට දැනෙනවා නොවේද
සරල සුන්දර සිංදුවක් උනත් හිත ඇතුලෙ පොඩි කැක්කුමක්, දුකක් නොවෙන සංවේදනාවක් ඇති කරන සින්දුවක් ඒක මටත්... ඒත් අය්ය තරම්ම සංවේදිව මං ඒක අහල නැත්ද කියලත් හිතෙනව... :)
Deleteඔව් නංගී, ඒ ගීතයේ ගැබ්වෙලා ඇති පරාර්ථකාමි අදහස(selflessness) ඇති කරන්නේ බොහෝම ගෞරවාන්විත හැඟීමක්.
Deleteමට ඉතින් සුපුරුදු පරිධි මුලින්නම් තේරුන්නෑ.. බින්ධිගෙ කමෙන්ට් එක දැක්කම තමා හිතුනෙ මෙහෙම වෙන්ඩ ඇති කියලා.
ReplyDeleteඔබට ජීවිතේ දිහෑ එක එක කෝණ වලින් දැකීමේ අපූරු හැකියාවක් තියනවා නේද ?
ජයම පතමි !!!
ඉහත බින්දිගේ කොමන්ටුවට ලියූ පිලිතුරේ අදහසයි පදපෙලට මුල් වුනේ.
Deleteබොහෝමත්ම ස්තුතියි ඔබට.
ජීවන සහකාරිය ගැන වෙන්නට ඕන. සුන්දර පදපෙලක්.
ReplyDeleteයම් දුරකට ඔබ හරි, ඉහළ බින්දිගේ කොමන්ටුවට ලියූ කරුණ නිර්මාණයට මුල් වුනේ.
Deleteඔබේ ඇගයීම ගොඩාක් වටිනවා, බොහෝමත්ම ස්තුතියි නංගී.
අපූරු ව්‍යංගයක් කැටි වුණු පද පෙලක්. අපූරුයි ඩීන් අයියා..
ReplyDeleteබොහෝමත්ම ස්තුතියි. අපේ කලින් සහභාගී වූ පරණ කවිහවුල් වල නිර්මාණ විමසුම් සිදුවූ අන්දම මතක් වුනා මල්ලි.
Deleteකරදර කියන්නේ දේවදූතයෝ අපට පෙන්නල දෙන අය...
ReplyDelete