වසත් හිරු රැසින් නැහැවෙන
ඉඳි ගස් තීරුවේ හිනැහෙන
පීදුනත් දිගු රෑනින් බරවුන
පලලන් නැති මල් කුමට මෝරන
මැදුරු පේළිය අහස සිඹින
උයන් කෙළවර ගීත බමන
යාන වාහන තටුගෙන පියාඹන
තුරුයාය නුවර වීදි සරසන
ඉඳියාය සහස් මලින් බරවුන
තුඩින් තුඩ වත්සුනු අරගෙන
ගුමු ගුමුව තාලෙට රඟන
සිරිය නෙක පාටින් පිරෙන
වරම් නැත එසිරිය විඳින
වසත්කල මල් රෑනින් පුදන
නෙතු එපිට යායේ වැඩෙන
පලබර සුවඳ හිතේ ඇඳෙන
බෝ ගැහැට කතරේ විඳගෙන
උයන්පල් තෙමෝ නුඹ මා තනිවුන
එකම යායේ කෙළවර දෙතැන
මලින් පුදා සුවඳින් සැනසෙන
නිමිත්ත: උයන්පල්ලෙකු (Gardener) හා පල හට ගන්නේ නැති රට ඉඳිගහක්.
රටඉඳි ගස් කියද්දි නිරායාසයෙන්ම මතකයට එන්නේ වියලි දේශගුණයක් ඇති අරාබිකරය. කෙටි කාලයක ප්‍රසන්න කාලගුණ තත්වයක් පවතින ජනවාරි අග වෙද්දි රටඉඳි ගස් අග්ගිස්සේ පොල්මල් වගේ මල් මතුවෙනවා. ක්‍රමයෙන් දිගහැරී රෑනින් බරවෙන ඉඳිමල් වලට අරාබිකරයේ ලැබෙන්නේ ලොකු සාත්තුවක්, සැලකිල්ලක්.
පරිසර ඌශ්ණත්වය කෙමෙන් වැඩි වෙද්දි මල් මෝරන ගස්වල පුංවි පුංචි කොලපාට ඉඳිගැටිති මතුවේ. ඒවා ක්‍රමයෙන් ලොකු වෙද්දි නොයෙකුත් කාලවල දී එකිනෙකට වෙනස් හැඩ හා පාටින් ඉඳිගස් අලංකාරවෙයි. පලදරන්න හැකියාවක් නැති පිරිමි ගස්වල මෝරන ඉඳිමල් රෑන කපාගෙන පරාගනයට යොදාගනී (වැඩි විස්තර ප්‍රතාපවත් රටඉඳිගස පොස්ටුවෙන් කියවන්න පුලුවනි). ඉන් පසුව ඒ ගස් නිකම්ම නිකම් හිස් ඉඳිගස් හැටියටයි පෙනෙන්නේ.
අපේ සමාජයේ අරාබිකරය කියද්දි මතකයට එන තවත් පිරිසක් ඉන්නවා. ඒ අපේ රටේ ආර්ථිකයට ලොකු මෙහෙයක් කරන විදේශ සේවයේ යෙදෙන අයගෙන් සැලකිය යුතු දායකත්වයක් කරන පිරිසක්. ඔවුන් ස්ත්‍රී පුරුෂ කවුරුන් වෙතත් වෙසෙන කර්කශ පරිසරයේ මල් රෑන කපාගත් ඉඳිගස් වගේ නොවෙද?
Image Credit: http://www.delange.org/
නියමයි...
ReplyDeleteබොහෝම ස්තුතියි
Deleteපට්ට පට වෙන්න අයි කිව්වොත් නියමයි
ReplyDeleteගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා
Deleteනියම උපමාවක්.
ReplyDeleteබොහෝම ස්තුතියි.
Deleteමේ පරිසරය වගේම ඊට ඈන්දුන මිනිසුන්ගේ දුක්බර පැතිකඩ. මෙය සෑහෙන කාලයකට කලින් (මං හිතේ 90වේ මුල ) කර පදපෙලක මතකය ඔස්සේ ගොඩ නැඟුවක්.
පිටතින් සිනාවෙන ඇතලතින් වැලපෙන හදවත් ඇ මනිසුන්.....
ReplyDeleteගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.
Deleteමේ කාශ්ටක පරිසරය එක්ක ඔට්ටු අල්ලන මිනිසුන්ගේ කතාව ඔබ තනි වාක්‍යයකින් කරලා තියෙන්නේ, ඒ ගැඹුර හොඳට දැනේ. එයයි සත්‍යය. බොහෝම ස්තුතියි සටහනක් තිබ්බාට.
ඩීන් අයියා අද අපි අපි ගැනමද කතා කරලා තියෙන්නෙ..
ReplyDeleteඔබ හරි, එහෙමයි.
Deleteඅන්තිමට ඒ හැමෝම පේන්නේ හිස් ඉඳි ගස් වගේ.. ඇත්ත කතාව..
ReplyDeleteනියමයි අයියේ!! ජය!!
ඒ ගස්වල මල් හටගන්න එක නැවතුනාම උගුල්ලා දානවා.
Deleteබොහෝම ස්තුතියි රැංගෝ.