සිඳි බිඳි අතු
ගැට ඉළිප්පුණු
වියපත් කඳ
සුරකින
ඉරි තැලුන පොත්ත
දරනා අතු ඉති රිකිලි
සරසා රටාවට
සෙවණ සදන
පොඩි කොළ පත්
යටකර
වසන්තයේ එඹී බලන
වකුටු කොකු පිරි ගොබ
විදහා පෙති පිපෙනා
විදහා පෙති පිපෙනා
රතු මැයි මල්
වාරය අග
වියැකෙන
vivid......
ReplyDeleteThanks a lot :)
Deleteපුදුමාකාරයි..
ReplyDeleteබොහෝමත්ම ස්තුතියි!
Deleteහරිම ලස්සනයි . දිනෙන් දින ඔබේ කවි කම ඔප නැගෙන හැටි පුදුමයි .
ReplyDeleteසොබාදහම දෙන කතාවස්තූන් නොවැ. බොහෝමත්ම ස්තුතියි ඔබේ සටහනට.
Deleteලස්සනයි.
ReplyDeleteබොහෝමත්ම ස්තුතියි.
Delete(කෝ අනික් පොස්ටුව?)
ඒක තාම මග එනව. :D
Deleteමට නම් තේරුනේ නැත. පැහැදිලි කිරීමක් දෙන තෙක් බලා සිටිමි.
ReplyDeleteමම හිතනවා ඔබ මෙමගින් මැයි මල් ගැන විතරක්ම නෙමේ කතාකරන්නේ කියලා. ඒත් ඒ මොකක් ගැනද කියන එක තමා ප්‍රශ්ණෙ !
කම්කරු දිනය වෙද්දී පිපෙන, පරවෙන මැයි මල් ගැන. නන්ඳු පැහැදිලි කරලා තියෙන්නේ ලස්සනට.
Deleteමිනිස්සුන්ව පාගගෙන කොච්චර ලස්සන වුණත්.. ජීවිත වල කරගැට එනකල් ඒ මිනිස්සුන්ගෙන් වැඩ අරන් පහතට හෙලා දැම්මත් සුපෝගබෝගී ජීවිත ගත කලත් ඔවුන් නැසෙනවා.. ඉතිරි වෙන්නෙ ගුණ සුවද විතරමයි..
ReplyDeleteමට හිතුණෙ මෙහෙම..කම්කරු දිනේ..
ස්වභාව දහමෙන් අපූරු සිතිවිල්ලක්..!
ඔව් නංගී ඔබ හරි, මැයි මල් වගේ (මැයි මාසයේ) වාරයට පිපී පරවෙලා යන ගහ කැඩපතක් වගේ.
Deleteඔබේ ලස්සන අර්ථ දැක්වීමට බොහෝම ස්තුතියි.
අපූරු අදහසක්...
ReplyDeleteබොහෝම ස්තුතියි දිනේෂ් මල්ලි.
Deleteසමාජ යථාර්ථයක්, නිහඬ මැයි ගසක පිපෙනා රක්ත මැයි මලක් තුලින් දැක තිබෙන අපූරුව !
ReplyDeleteලෝක තත්වයන් ඉවෙන් වගේ දැනගෙනම සොබාදහම මේ වගේ දායාදයන් ගස් හැටියට දුන්නද මන්දා. කලින් පිළිතුරක ලියුවා වගේ, සොබාදහම කැඩපතක් සේ දැක ලියූ පද අහුරක් කියන්න පුලුවන්.
Deleteරසික මල්ලි ලියන ආර දිගටම රැකගෙන ඉදිරියට යන්න, ඔබේ පදපේලි මං ගොඩාක් රසවිඳිනවා.
නියමයි....
ReplyDeleteකාලෙකින් පදපෙලක් කලේ නැහැ නේද?
Deleteබොහෝම ස්තුතියි සටහනක් එක් කරාට.
රතු කමිස හැදගත්තු
ReplyDeleteපෙම්වත්තු
මැයි ගස් යට
පෙම්බස් මුමුණති.
මැයි මල්වලට කලියෙන් පරවෙන
Deleteබිංදු බිංදු මල් - අතු අග පිපි මල්
ReplyDeleteඅහසේ තරු ගණනේ - පිපී
මඳ - සුළගේ ලෙල දෙන්නේ
- මට සේකර මතක් උනා
බොහෝම ස්තුතියි ලස්සන පදපෙලක් මතක් කරාට
Deleteඒ මල් ගෙඩි වුනා නම්...
මටත් මතක වුනේ සේකර.. ඒ වගේ ම රත්න ශ්‍රී ගෙ කවී පෙලකුත් මතක් වුණා.
Deleteබොහොම අලංකාර පද පෙලක්.. ජය!!
බොහෝම ස්තුතියි රැංගෝ
Deleteහිතාගන්න බැරි ඇයි රතු මැයි මල් මැයි මාසෙම පිපෙන්නේ කියල
ReplyDeleteඒ තරමට රත් පැහැය මැයි මාසෙත් එක්ක බද්ධවෙලා
ඒකත් එහෙමයි නොවැ, ඒ වගේම බොහෝ විට මැයි මාසෙම පරවෙන.
Deleteබොහෝම ස්තුතියි සටහනට.