Thursday, November 4, 2010

ජීවන ගමන


දෙකෙළවර යාකරන කෙටි මගකි කෙළින් ඉර.
ජීවන ගමන බොහෝවිට කෙළින් ඉරක් නොවෙන්න පුලුවනි.

ගමනාන්තයට ලඟා වූ තැනැත්තා පමණි දන්නේ
ගෙවා ආ දුර, බාධක මග හැරීමට යායුතු වූ වට වංගු
හා නැග බැස ගිය කඳුහෙල් මිටියාවත් ගැන.

සේන්දු වූ ගමනාන්තය තවත් ගමනක ආරම්භය වෙන්න පුලුවනි.
එහෙත් නොනැවතී ඉදිරියට ඇදෙන්න.
ජීවන ගමන දිගු චාරිකාවකි,
කිසි විටෙක ගමනාන්තයක් නොවේ.



මෙම නිර්මාණය ඉංග්‍රීසි බසින් Long Journey - AmazingSpring Blog හි කියවිය හැකිය.

පතොක් යායට පියනගමු

11 comments:

  1. හැබෑව..හැබෑව...

    "ආ මඟ කෙටියි..යායුතු මඟ දුරයි...නිරතුරු අවදියෙන්..තරණය කළයුතුයි...."

    සුලා..

    ReplyDelete
  2. ගමනාන්තයක් නැත්තේම නැත.
    හුස්ම පොද සුළඟට මුසුවන දින මගේ සොඳුරු ගමන අවසාන වනු ඇත.

    ReplyDelete
  3. අවසන් හුස්ම පොද

    ReplyDelete
  4. සෑම ගමනක් කෙලවරක්ම තව ගමනක ආරම්භය. . . . නිර්මාණය උපරිමයි !

    ReplyDelete
  5. සංසාරේ හැටි එහෙමයි කොතනද නවතින්නේ,,,,,,,,,

    ReplyDelete
  6. @සුලා:
    ඇත්තෙන්ම "...ආ මඟ කෙටියි ...යායුතු මඟ දුරයි..." ඒත් යායුතු වන්නේය. සුබ පැතුම්!

    අදික වැඩ රාජකාරී අතර ඇවිත් ගියාට ස්තුතියි.

    ReplyDelete
  7. @wath:
    ගමනේ යෙදෙමින් ම... අවසන් හුස්ම පොදත් ගමන ගියවිට... එතැනින් පටන් ගන්න ගමනට ඉන්න උදවිය එක්ක යාවි... එතැන් පටන් තව ගමනක්... කෝ නිමක් නැහැ නේ...

    ReplyDelete
  8. @දුමී:
    බොහෝම ස්තුතියි යාළු.

    ReplyDelete
  9. @හරී - පිණිපළස:
    ඔව් නංගී, සංසාර ගමනත් එක්ක ගත් විට නොනිමි ගමන... බොහෝම ස්තුතියි අදහසට.

    ReplyDelete
  10. ගමන නොනිමෙන,
    ගෙනයයි තවත් අරමුණකට
    සඵල වන කල එය
    තවත් පියවර නැගෙයි නිතැතින...

    පුදුමයි!

    ReplyDelete
  11. @ඉෂ් :
    පියවර මැන යායුතු
    ජීවන ගමන නිමක් නැති
    දිරියෙන් දිනිය යුතු
    බාධක බෝ ඇති

    බොහෝම ස්තුතියි පදපලකින් සටහන් කලාට. හැම බාධකයම ජයගෙන ඉදිරියට යන්න, ජය ගන්න. සුභ පැතුම්!

    ReplyDelete