Tuesday, April 6, 2010

අබලන් සිග්නල්


චන්දරදාස අවා අගනගරෙට
මොන මොනවද වැඩකට
පාර පනින්න බලන විට
මෙතැනින් මාරුවෙන්න නැහැ පේන්නට

බල බලා ඉඳ පත්ව වෙහෙසට
බැලින්නම් ඔසවා හිස
හත්වල්ලාමෙ නැහැ නොවැ වැඩ
පාට එළි වැජඹෙන උඩ
හතර දිසාවෙම පිරිලා වාහන

රැකගෙන පණ පාර පනින්නත් ඕනෑ
ඔක්කෝම නිවිලා හිත හයියත් නෑ
වැටුනොත් එළිය කඩාගෙන එන්නත් බැරි නෑ
චන්දරේ යට කරගෙන යන්නත් බැරි නෑ

හන්දියේ අතරමන් වෙලා බයත් හිතුනා
දෑස් පියා ගෙනම සිතින් පැතුවා...

ලොකු අනතුරක් වළකන්නට
නොවැටියන්
එකම පාට
එක වර
හැම පැත්තෙම

පැතුම හිරවී ඉන්නා මොහතක හන්දියේ
(පලමු පල කිරීම 19-02-2010)

4 comments:

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts