Sunday, April 18, 2010

ඉඳි ගසේ මල් පීදිලා


රට ඉඳි ගස් මග දෙපස
මල් පීදි රෑනින් එබිකම් කර
කියන්නෙද ගුලිවී සිටි බව නුහුරුව...




සිතුවම මත ක්ලික් කර විශාල කරගත හැකිය


සටහන: අප වෙසෙන මැදපෙරදිග පරිසරයේ කටුකත්වය හා සොබාදහම ගැන බිඳකි. කටුක ගිම්හාන (summer) කාලය මාස හයකට වැඩිය, මෙහේ වගේම පමණක් දේශයන්හි ඌශ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 47ද පන්නයි.


25 comments:

  1. ඔය කටුකත්වයත් විදගෙනම අයියලා වගේ තව සිය දහසක් දෙනා ලංකාව වෙනුවෙන් කරන සේවය කවුද අගයන්නෙ.. ජීවිත කඩඉම් ඉක්මණට සපුරාගෙන හැකි ඉක්මණින් ලංකාවට එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  2. @මින්දද ගේ අදහසට සියයට සියයක් එකඟයි

    ReplyDelete
  3. ඉඳි ගස් විතරක් ම දකිද්දි හරිම පාළු ඇති නේද අය්යෙ..
    ම්ම්.. ඒත් ඉතින් මැද පෙරදිගත් අයිති මේ ලෝකෙට ම නෙ,
    ඉඳි ගහක ඉඳි මලක සුන්දරත්වයෙන් ජීවිතය විඳිමින්
    බොහෝ කාලයක් මැද පෙරදිගම ගත කළ ඔයා අතින්
    තාමත් කවි පද ගෙතෙන එක ගැන නම් මට සතු‍ටුයි..

    ReplyDelete
  4. පෙට්‍රල් ලීටරයක මිල මෙහේ රුපියල් වලින් නම් 48.84යි.
    ලංකාවේ කීයද??
    රුපියල් 120ක්???
    වැඩිපුර ගෙවන රු. 71න් කරන්නේ ෆ්‍රී එඩුකේෂන් සහ ෆ්‍රී මෙඩිසින් විතරද???
    මේ 71න් කීයක් විශාල ඇමති මන්ඩලයක් නඩත්තු කරන්න හා වැඩ නොකර උදේ 8.30ට 9ට ඇවිත් 4.30ට යන (වැඩක් කර ගන්න ආවම මිනිස්සුන්ට ගෙම්බර් දානා රජයේ සේවකයෝ (හැමෝම නෙමෙයි ) නඩත්තුවට යනවාද?
    මේ විදිහට අපි උපයන සල්ලි වලින් වැඩිපුර කොටසක් කීප දෙනෙකුගේ සුඛ විහරනයට යෙදෙව්වාම අපි කවදා ලංකාවේ ගෙයක් දොරක් හදාගෙන ජීවත් වෙන්න එන්නද??? මේ ගිම්හාන කටුකත්වය අපිට තව කොයි තරම් කාලයක් විඳින්න වෙයිද . . .?
    අපේ මිනිස්සු දූෂයනට උඩ ගෙදි දෙන එක නතර කරන කාලේ වෙනකම් අපිට මෙහේ ඉන්න වෙයි මචං . . මොනා කරන්නද . .

    ReplyDelete
  5. මේ පැදිපෙල දැක්කාම මට මතක්වුනා පොඩි දවස්වල යාළුවෙක් රටඉඳි ‍කන ගමන් මාත් එක්ක කියපු කතාවක්.

    "ඉඳි ගොඩක් ගුණ කෑමක් ලු.. කාන්තාර ප්‍රදේශවල වෙනත් පළතුරු වර්ග හැදෙනවා අඩු නිසා ඒ හැම එකකටම හරියන්න ඉඳි වලට ඒ හැම පෝෂනයක් ම තියෙනවා" ..

    කතාව ඇත්තදැයි මං දන්නේ නෑ... නමුත් මට එය මතක හිටියා. කටුක ගිම්හානයේ වෙලෙමින් අපි වෙනුවෙන් තවමත් කව්මුතු පබඳින නුඹලා වැනි සුන්දර මිනිසුන් ගැන කියූ කතාවක් වගේ යැයි දැන් සිතෙනවා..

    -ජය

    ReplyDelete
  6. ඉදි වේලලා කනවට වඩා අමුතුම රසක් විදින්න පුලූවන් ගහෙන් කඩාගත්ත අමු ගෙඩියකින්. එහෙම නේද mdee අයියේ ?
    මම ඒ රග විඳලා තියෙනවා.මීට කාලෙකට කලින් මිනු නංගලත් එක්ක Qarat රාජ්‍යයට ගියවෙලාවෙදී...ඒ වගේම මේ ඉදි ගගෙන් ගෙඩි කඩන්නෙත් අමුතුම විදියලට නේද අයියේ ? අර කටු තියෙන නිසා ගහේ ඉදන් ලණුවක එල්ලීගෙන වගේ ...

    ReplyDelete
  7. @ දුකා
    අපොයි රටට ආදරේ නිසාම වෙන්න ඈති වෙන රටකට යන්න ඈත්තෙ. තම තමන් තම තමන්ගෙ දියුණුව අභිවාද්ධිය පතා තමයි රට යන්නෙ. රට ගියාට පස්සෙ නම් ලංකාවට තියන ආදරේ වෑහෙනවා...තරහකට ඊර්ෂියාවකට කීව නෙමෙයි. මම කීවෙ මම දකින දේ. රට යන්න මමත් කැමති. ඒ සල්ලි ගොඩක් හම්බකරන්න ඕන නිසයි.

    ReplyDelete
  8. @මින්දද: ඇත්ත මල්ලි, ප්‍රොෆෙෂනල්ස්ලා ගේ ජීවන තත්වය යහපත් වුනත් සමස්තයක් ලෙස මිනිසුන් මෙහේ මුහුන දෙන කටුක තත්වය වචන කරන්න ලේසි නැහැ. හැබැයි මෙරටවල රැකියා අවස්ථාවන් ද කොතෙක් කාලයක් පවතී ද නොදන්නා තරම්.

    බොහෝම ස්තුතියි ඔබේ පැතුමට.

    ReplyDelete
  9. @වැප්: සොයුර ඉතා සාදරයෙන් පිලිගන්නවා, බොහෝම ස්තුතියි නිර්මාණය ඇගයීම

    ReplyDelete
  10. යෝගී අයියගෙ කතාවට ඔහුගේ කටට රටඉඳි අහුරක් දාන්න ඕනෙ.

    ජීවිත සටනේ මේ කටුකත්වය විඳිමින් වුවද හිතේ තෙත් බව නොසිඳාගෙන කවිකම් සහ ලියමන් තුළින් අප හදවත් වලට ආමන්ත්‍රණය කරන අයියලා ඇත්තටම සුන්දර මිනිස්සු.
    ඔබලාට ජය.

    ReplyDelete
  11. කිවුවත් වගේ දැන් නම් මැදපෙරදිග කියද්දි මතක් වෙන්නෙ කාන්තාර නෙවෙයි........ එහෙ ජීවත් වෙන සුන්දර මිනිස්සු කීප දෙනෙක්.......පරිසරයේ කටුක බව අයියලගෙ හදවත් වල නැහැ එතනයි සුන්දරත්වය....... ජය පතනවා අයියේ.....

    ReplyDelete
  12. වත් මම ඇත්තෙන්ම රට ගියේ සල්ලි නොලැබුනු නිසා නෙමෙයි. මම ලංකාවේ ඉන්න කාලේ මගේ සුදුසුකම් මගේ වයසේ අනෙක් අයට වඩා ගොඩක් ලොකු මුදලක් ඉපයුවා.

    මගේ වටේ හිටි අයගේ කෙනෙහිලි කම් හා මම මානසිකව වැටී සිටි අගාදයකින් ගොඩ එනු සඳහායි මම රට ගියේ.

    පසුව ඒක එක එක වර්ගයේ හේතු වුනා. මිතුරන්ගේ නෑදෑයන්ගේ පවුලේ අයගේ උවමනාවන්ට මුදල් එවන්න. පසුව අම්මලාට නිවසක් හදන්න, මට නිවසක් හදා ගන්න, අක්කගේ ලමයින්ට උගන්වන්න . . . ඔන්න ඔය වගේ . . .

    හැබැයි මම තාමත් "හීනෙන් මගේ රටේ නිදියන හැම රෑම . . "

    ReplyDelete
  13. වත්

    "රට ගියාට පස්සෙ නම් ලංකාවට තියන ආදරේ වෑහෙනවා."

    රටින් පිටට යන්නම ඕන අපි රටට කොයි තරම් ආදරේද කියලා දැනෙන්න. . . විස්වාස කරන්න බොරු නෙමේ

    ReplyDelete
  14. දුකා අයියා රජයෙ සෙවකයින් ට බැන්න හින්දා තමයි වත් අක්කා දුකා අයියගෙ හිතට දැනෙන්න ප්‍රශ්නයක් ඇහැවුවෙ.. නමුත් ඇත්තටම ගොඩක් රාජ්‍ය ආයතනව තත්වය අන්තිමයි.. මගෙ උප්පැන්න සහතිකය ගන්න ගිහිල්ලා ..මාසයක් ගියා.. එක තිබුනෙ.. 4 km දුරින් තිබුන රාජ්‍ය ආයතනයක කබඩ් එකක.. වත් අක්කලා අවංකව වැඩ කරනවා වෙන්න පුළුවන්.. නමුත් එතන ගොඩක් මිනිස්සු .. කතා කරලා වැඩක් නැහැ..
    වත් අක්කා කෙනෙකුගෙ හදවතට දැනෙන දෙවල් කියද්දි බලා ගෙන..


    ගල්මල් අයියා
    මිනිස්සු හැම දෙටම ඔරොත්තු දෙන්න මිනිස්සුන් ව වෙනස් කරගන්නවා.. තෙල් නැති රටට වතුරත්, වතුර නැති රටට තෙලුත්... හරිම වටිනවා... එවගෙම තමයි .. රට ඉඳිත් ගසත් ඔයාලට ගොඩක් වටිනවා..

    ReplyDelete
  15. @චේජනා:
    අපි ඉන්නේ නම් කොන්ක්‍රිට් වනාන්තරයක, ඒත් මග දෙපස රට ඉඳි ගස් ඕන තරම් වවා තියෙනවා. ඒවගේම සෑහෙන්න ගස් ගොඩාක් වවලා තියෙනවා, සමහර තැන්වල් තඩි ගස්. ඒත් පසුගිය වසර හතර ඇතුලත නම් විශාල වශයෙන් ගස් කපලා හෙලිකර උස ගොඩනැගිලි හැදෙනවා.

    ඉඳි ගස් ලස්සනයි, ඒවායෙහි විවිධ පැහැ වලින් යුත් ඵල හටගන්නවා. පරිසරයේ උණුසුම ගැන කියාපාන දර්ශකයක් ඉඳි ගෙඩිවල පැහැ වෙනස් වීම.

    බොහෝම ස්තුතියි නංගී ඔබේ විමසුමට.

    ReplyDelete
  16. @දුකා:
    බොහෝම ස්තුතියි සොයුර ඔබේ දීර්ග විමසුමට. එය කථා කර නිම කරන්න බැරි තරම් බැරෑරුම් විශයක්.

    ReplyDelete
  17. මම සමහර දේවල් පින්තූරවලින් දැකල තියෙනව.. සමහර විස්තර අහල තියෙනව....
    ඒත් ඇත්තට ම අබු ඩාබි ගැන, එහේ ගතවෙන ලාංකිකයන්ගෙ ජීවිත ගැන සැබෑම උනන්දුවක් ඇති වුනේ ඔයාල නිසා......
    මට ඉඳි ගස් දැක්කම මතක් වෙන්නෙ පොල්ගස්... ජපානෙ මෙච්චර ගස් තිබිලත් මට පොල් ගස් නැති අඩුව දැනෙනව.... ඉතින් මට තේරුම් ගන්න පුළුවන් ඔයාල කොන්ක්‍රීට් වනාන්තරේක ජීවත් වෙද්දි දැනෙන පාලුව....
    ඒත් කනගා‍ටුයි ....අපිට වැඩි දෙයක් කරන්න බෑ ඔයාල වෙනුවෙන්...පුලුවන් වෙලාවට ඔයාල වෙනුවෙන් වචන කීපයක් ලියල තියනව ඇරෙන්න...

    ReplyDelete
  18. @යෝගී...
    ඔව්, ඉඳි බොහෝ ඛණිජ හා පෝෂ්‍ය පදාර්ථ වලින් සපිරුණු පලයක්. එහි අඩංගු සුක්‍රෝස් හා ෆෘක්ටෝස් නැමැති ස්වාභාවික සීනි වර්ගය නිසා ඉඳි දියවැඩියාවෙන් පෙලෙන රෝගීන්ගේ පාවිච්චියට ද සුදුසු යැයි කියයි. ග්ලූකොස් සීනි වර්ගය මෙන් නොව, ආහාරයේ ඇති සුක්‍රෝස් හා ෆෘක්ටෝස් ආහාර මාර්ගයේදී අවෂෝශනය වන බැවින් දියවැඩියා රොගීන්ගේ වකුගදු (කිඩ්නි) වලට ඉන් බලපෑමක් නොවන බවත් වෛද්‍ය හා පෝෂන විශේෂඥයින්ගේ මතය වේ.

    දයාබර සොයුර ඔබේ ඇගයීම ඉතා අගේ කරමි. නිදහස් අධ්‍යාපනයට පින්සිදුවන්න අපි ලද උසස් වෘත්තීයන් වල පිහිටෙන් සොබාදහමේ කටුකත්වයන් ගෙන් බැට කෑම සාපෙක්ෂව අඩු වුනත් අපේම ඈයෝ ගෙනියන ජීවන සටන ඔබ සඳහන් කලාක් සේ ඉඳි වාරය වගේය, අනන්තවත් දකින මෝරා පලදරන්න කලින් ගස් යට හැලෙන ඉඳි ගෙඩි වගේ. එහෙම නොවූ කල පැණි පිරුණ ඉඳි සපයා පරණ වෙන ඉඳි ගස වගේ. ඒත් ඒ ගසම නැගී සිටී පැණි පිරුණ ඉඳි පොකුරු ගනන් පල දෙන්න තව තවත්.

    ReplyDelete
  19. @දිල්:
    ඔව් නංගී ඇත්තෙන්ම, ඉඳි ගෙඩිය පැහුනාම කන්න පුලුවන්. එක් එක් මට්ටම් වලදී ඉඳි වල රසය වෙනස් එහි ඇති කහට ගතිය නිසා.

    සවුදි අරාබියේ මදීනා පූජානගරයේ රට ඉඳි සඳහාම වෙන්වූ විශාල පෙදෙසක පැතිරුණ වෙලෙඳ පොලක් ඇත. එහි විවිධ වර්ගයන්ගේ රට ඉඳි විශාල ගනනාවක් දකින්න පුලුවනි.

    ඈත කාලයේ සිට අපේ රටට රට ඉඳි සැපයූවේ ඉරාකය - නොමිලේ හෝ සහන මිලකට. ඒ මිනිසුන් අද දුක් විඳිනවා පෙන්නුම් කරන පුවත් දකිද්දී කියවද්දී මගේ සිත දිවයන්නේ ඒ මතකය ඔස්සේ.

    ReplyDelete
  20. @wath:
    දමිල බසින් මෙහෙම කියමනක් තියෙනවා "අක්කරයි පච්ච" ඉන් කියවෙන්නේ "ඒ ඉවුර වඩාත් කොලපැහය" හෙවත් ඉංගීසි බසින් ප්‍රසිද්ධ Other bank is greener.

    ඇත්තෙන්ම රටින් පිටව ඉන්න නිසාදෝ එවන් අයට අපේ ලස්සන රට ගැන ඇති බැඳීම ,ආදරය වැඩියි; ඒක මා පොදුවේ දැක්ක දෙයක්.

    මා නිතර කියන දෙයක් එවන් හැඟීමක් අප රටවැසි හැමෝටම ඇත්නම් හා මෙ රටවල හෙලන දහඩිය අපේ රටේම හෙලන්නට තිබුණා නම්... (ටැංකි ගනන් පුරවන්න තිබුනා නේද?)

    ReplyDelete
  21. @Raven: සොබාදහම, එයට ආවේනික පරිසර පද්ධතිය හරිම අපූරු පිහිටීම්. අපේ රටේ ඉඳි ගස් තිබුණත් ඒවායෙහි පලහට ගන්නේ නැත්තේ ගසට අවැසි ඌශ්ණත්වය නැති නිසා වෙන්න පුලුවනි. ඒත් අසල්වැසි ඉංදියාවෙ ඉතා ඌශ්ණාදික පලාතක් වන රාජස්ථාන් වල ඉඳි වැවීම කරන බව අසා ඇත්තෙමි.

    @විශ්මි: සොබාදහම නිර්මාණවලට ලොකු රුකුලක් දෙනවා. එවන් පදවැල්ක් තුලින් ලද ලොකු භාග්‍යයක් අගනා මිතුකැලක් හිමිවීම. නවීන තාක්ෂණය, කලාකාමී සිත් ඒ වෙනුවෙන් කල සේවය උපරිමයි, ඒත් අපි අකුරු කරන මාධ්‍යයට (software and Sinhala unicode) වඩාත් වැඩි ගෞරවයක් හිමි විය යුතුය.

    අනන්තව හිතෙනවා දකින හැම දෙයම පද කරන්න පුලුවන් නම් කියා. මෙ පරිසරය වටා ගෙතුන මගේ නිර්මාණ කිහිපයක් ඇත, ඉදිරියේදී එවා එකිනෙක ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.

    නිර්මාණ අගයමින් ඔබලා දෙන සහයෝගය අගේ කරමි.

    ReplyDelete
  22. @රවා:
    ලොකු විමසුමක් කර තියෙන්නේ, ස්තුතියි.

    කටුක පරිසරයක වැඩෙන රට ඉඳි ගස රශ්ණය, වේගවත් සුලඟ, වැළි කුණාටු හැම දෙයටම මුහුන දෙමින් මල් පීදී, ගෙඩි බරවී, පැණි පිරවූ රසවත් රට ඉඳි පලය ගෙන දෙනවා.

    මල්ලියා මෙයයි ජීවිතය. පරිසරය මොනවා වුනත් ගස පරිසරයට අනුව හැඩ ගැසී (Botony වල කියනවා පරිසරය අනුව වෙන අනුවර්තනය කියා) උසින් වැඩී පල දැරිය යුතුමය. මන්ද යත් හැම ගසක්ම පරිපුන් ගසක් නෙවන නිසාත්, සෂ්‍රීක ගසකින් සෙවන, පල ලබන්න පරිසර පද්ධතියෙ තවත් පුරුක් (ශාඛ හා සත්ව) ගනනාවක් සිටින නිසාත් එය ගසේ වගකීම හා යුතුකම වන නිසාත් ය.

    ඒ අනුව තමා ලැබූ හැකියාවන් වැඩි දියුණු කරගෙන හෙට ලොවට වැදගත් යමක් කරන්න ඕනේ ඔයා වගේ මල්ලිලා. ඔබට ජය පතමි.

    ReplyDelete
  23. @චේජනා:

    මෙහෙම වචනයකින්වත් කරන්නේ ලොකු සේවයක් නේද?

    කෙතරම් යාන්ත්‍රික හා කෘතීම වුනත් අපි පුංචි පවුල ම එකට මෙහේ ඉන්න එක ලොකු දෙයක්.

    ReplyDelete
  24. අද අප්‍රේල් 20දා, ගල්මල්-Coral බ්ලොගය පලමු මාසය සනිටුහන් කරන දවස.

    මෙ කෙටි කාලය තුලදි මා ලද මහඟු දායාදය මගේ නිර්මාණ රසවිඳින, විමසුමට ලක් කර අගයමින් ඉමහත් සහයෝගයක් දක්වන ඔබ.

    ඒ දිරිදීම නොවෙන්න යාන්ත්‍රික පරිසරයක දුවන කාර්‍යබහුල මගෙන් මෙතරම් පදවැල් ගනනාවක් (13ක්) මෙ කෙටි කාලය තුලදී පල නොවෙන්න තිබුණි.

    මෙ ලියන මොහොත වන විට හිට් 1400 පෙන්නුම් කරයි.

    මෙ බ්ලොග් අඩවිය පටන් ගැනුමට මූලික හේතුව වූයේ සුබාෂ් (දුකා) සොයුරාට මගේ ගෞරව ආචාරය.

    ඔබ සැමට මගෙ හදපතුලින්ම නැගෙන තුතිය.

    ReplyDelete