
සිටියත් උජාරුවට සාලෙ කොනේ
එලියක් නම් නැහැ තාගෙ බොලේ
පුරවන්නද කියන්නෙ ආයේ
පෝලිමෙ හිඳ භූමි තෙලේ
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...
අපේ ලාංකික මිනිස්සු දැන් ලොකේ බලන්නේ නිල්පාට කන්නාඩියක් දාලනේ මචං . . ඉතිං මේ වගේ මෙලෝ වැඩකට නැති ලාම්පු ගේ ඇතුලේ තියාගෙන අගේ කර කර අඳුරේ ඉන්නවා පහනේ වරුනාව කිය කියා . . . . නමුත් ඒකෙන් එලියක් ගන්න ඕන කියලා නිකමට වත් හිතන්නේ නෑ . . . අනේ අපේ ඇස් කවදා ඇරෙයිද . . ?
ReplyDeleteමට නම් දුකා අයියා කිව්වදේට වඩා වෙනස් දෙයක් මේ නිර්මාණයෙන් දකිනවා mdee අයියේ....
ReplyDeleteපොඩි හින්ට් එකකුත් වගේ.....එහෙම නේද?
අපූරුයි mdee සොයුර... පැත්තකට කරලා තියපු දේවල් නැවත ඕනා වෙන කාළයක් මේක...
ReplyDeleteමරු මරු ගොඩක් දේවල් කියවෙන නිර්මාණයක්...
ReplyDeleteනිර්මානය නියමයි.
ReplyDeleteදුකා අයියා සහ චතුර සොයුරා කියල තියන දෙවිදිහටම මේ නිර්මාණය විඳින්න පුලුවන් කියලයි මට හිතෙන්නෙ.
පෝලිමෙ වත් ඉඳලා ආයේ...
ReplyDeleteගන්ට නැතිය භූමියගේ තෙලේ...
උස්සලා දුන්නා නෙවෙද අනේ...
IOC මහතුනට, අනේ...!
තවමත් වැජඹෙයි සාළේ කොනේ...
තේජස් පාමින් අපට අනේ...
බලයක් නැත, නරිවාදමිනේ...
අඩුවක් නැත, පල්ලෙන් බේරේ...
@දුකා
ReplyDeleteඑළියක් නොදෙන නිසා ඉලන්නේ නැද්ද... නොඉල්ලන නිසා දෙනේ නැද්ද? ප්‍රශ්ණයක්
අගනා විමසුමක් සොයුර, ස්තුතියි ඇගයීමට
@දිල්
ReplyDeleteමෙතැන නියෝජනය (representation)සැරසිල්ලකට (ornamental) සීමා වෙලා, එනිසාම ලාම්පුව ශාලාවක එක් සැරසිල්ලක් විතරක් වෙලා. බලාපොරොත්තු වූ එළිය දුන්නේ නැති ලාම්පුව ආයෙත් නියෝජනය පතනවා. ලැබෙයිද එළියක්?
මින් කලේ අද සමාජයේ දේශපාලනික විමසුම. හැබැයි නිර්මාණය විවිධ අරුත් ගෙනේ නම් තවත් හොඳයි නේද?
දුකා හා චතුර සොයුරා දැක්වූ අදහස් ඒ අනුව අදාලයි.
@Chathura Wijekoon|චතුර විජේකෝන්
ReplyDeleteබොහෝම ස්තුතියි ඇගයීමට, එය තවත් හරවත් විමසුමක්
@``` Outsider```
ReplyDeleteබොහෝම ස්තුතියි ඇගයීමට
@Raven
ReplyDeleteඔබ හරි සොයුර, බොහෝම ස්තුතියි ඇගයීමට
@තිස්ස දොඩන්ගොඩ
ReplyDeleteතවත් මොන නම් පැදිලිකිරීමක් ද "භූමිය" හා "තෙල" ගැන මීට වඩා...
බොහෝම ස්තුතියි සොයුර ඇගයීමට