Sunday, March 28, 2010

යාචකයින්

නුවරට වඩිනා ප්‍රභූ නෙතු පාට කරනු වස්
වැරැහැලි ඇඳි කොලපත රැඳි බඩ පිට ඇළි
මග දෙපස හිඳි පඩි පෙලේ නිඳි
ගාල් කර පැටවූ දුරු ගමක

නුවර හිඳිනා ප්‍රභූ නෙතු පාට කරනු වස්
පාටින් ඇඳි පිරි මඩි රැඳි බඩ පිට නෙරි
මග දෙපස හිඳ ආවඩනා සුවසේ නිඳාඋන්
පටවා නිදහස් කර දුරු ගමට

කීවත් රස කර කවි කථා දෙව් ලොව මවා
පෑවත් විහිඳා දෙපත් කන් යාවෙන සිනා
වැන්ඳත් නැමී බුහුමෙන් එක්කර දෑත්පා
වැදුනත් ගොඩ ගෙපිල නැති නෑකම්පා
ඉල්ලන් නොවේද අතැති යමක් වටිනා

9 comments:

  1. බොහොම ස්තූතියි short cut එකට. ඛෙහොම ප්‍රයෝජන වුනා.

    ReplyDelete
  2. අප්පේ ඔවු. මේ් දවස් වල හැමතැනම ඉන්නව. වස කරදරේ.
    සමහරු අතැති වටිනා දේ ඉල්ලනවට අමතරව රහසින් කියනව මෙහෙම.... මෙතුමටම දෙන්න. අනිත් තුමන්ලට දීලා වැඩක් නැහැ. කතිර 3ක්ම මොකටද එකක් විතරක් ලකුණු කරාම මැදා...

    ReplyDelete
  3. මේ දවස් වල ටී.වී එකෙයි පාරෙ කට් අවුට් වලයි කියන ලියල තියෙන දේවල් දැක්කම අපි ජීවත් වෙන්නෙ සදෙව් මහා දිව්‍ය ලෝක වලින් එකක කියල හිතෙන්නෙ... බැලු බැලූ හැම අත බෝසත්වරු......නිර්මාණය නියමයි යාළුවා....

    ReplyDelete
  4. ඇත්තමයි මේ බොසත් උතුමන්ලා මෙච්චර කල් කොහේ හිටියද මන්දා...
    පරම.. පිවිතුරු... නිර්මල...
    ජන දුක දන්න... පෙර මුණ ගන්න.. විරුවාණේ...
    කියල වැඩක් නෑ..

    මේ Post එක දැක්කහම මට පුංචි කතාවක් මතක් වුණා, මේ ළඟදි පත්තරේක කියවපු එකක්..

    ඔන්න සුද්දෙකුයි සුද්දියෙකුයි ආවලු මේ ළඟදි සිරි ලංකාවට...
    මඟ පෙන්වන්නාත් එක්ක හතරවටේ රවුම් ගහද්දි..
    අවට සිරි නරඹපු මේ දෙන්නා ඩිම් වෙල ඉන්නවලු..
    මඟ පෙන්වන්නා ඇහුවලු මොකක්ද කාරණේ කියල..මේං සුද්දා අහපි
    “අයිසේ තමුසෙලගේ රටේ මෙච්චර අපරාධකාරයෝ ඉන්නවද..?” කියල
    ගයිඩ් බුවාත් ෆුල් හොල්මන්වෙල අහපි “ඇයි ඇයි සර් එහෙම කියන්නෙ ?“ කියල
    “ඇයි මේ පොලිසීයට ඕන කරන අපරාධකාරයන්ගෙ ෆොටෝ නේද මේ තාප්ප පුරා තියෙන්නෙ“ කියල සුද්දා ඇහැව්වලු.. ගයිඩ් බුවා ලංකාවේ මනාප පොරය ගැන දීර්ඝ වශයෙන් පැහැදිලි කළාට පස්සේ සුද්දා ඇහැව්වලු මේ සුන්දර පරිසරය විනාශ කරන ඔය අපරාධකාරයන්ට තමුසෙල ඇත්තටම ඡන්දෙ දෙනවද කියලා..

    ඔබේ නිර්මාණය මට මේ දේවල් ගැන ආපහු සැරයක් හිතන්න ඉඩ සැලැස්වුවා..
    ජය !

    ReplyDelete
  5. @wath
    ගල්මල් අඩවියට හදපිරි බැතියෙන් පිලිගන්නවා.
    ඒක සුලු උදව්වක්නේ.
    නිර්මාණය ඇගයීම හා සටහන ඉතා අගේය.

    ReplyDelete
  6. @විශ්මි

    මට මතකයි 2003 එලිමහන් රඟහලේ කෝලම් බැලුවා, ඒ දිනවල නිතරම මතක් වුනේ ගී-කෝකිලාවිය (නන්දා මාලිනියන්) ගේ ගීතය ...උගතුන් සිංහාසනාරූඩ කරනු... 90වේ පැතුම් සඵල වුනා කියා දැනුනත් අපි අතරමං කියා සිතුනා තාප්ප අරක් ගෙන සිටි අධිනීතිඥවරු (ඒ උපාධිය නැවත් වූයේ 70 මැදලු) දැක

    බොහෝම ස්තුතියි නිර්මාණය ඇගයීම හා සටහනට

    ReplyDelete
  7. @ගීත්
    ගල්මල් අඩවියට දයාවෙන් පිලිගන්නෙමු

    ReplyDelete
  8. @sansarasidu
    බොහෝම ස්තුතියි නිර්මාණය ඇගයීම.

    අගේ කතාවක්, ගොඩාක් රසවින්දා. ඇත්තෙන්ම දුරස්වෙලා බලන විට ජවනිකාවල රසය වැඩියි.

    රට ගැන මෙතරම් කැපවීමෙන් වැඩකරන පින්වත් පිරිසක් ඉදලත් අපේ කරුමෙ වෙන්න ඇති රට තවමත් මෙහෙම...

    ReplyDelete