කොරල් පර වඩාත් ආකර්ෂණීය, වෙරළබඩ වාසීන්ගෙන් සැදුම්ලත්, රළු රළ වලට ඔරොත්තු දීමට සමත් විවිධ හැඩ හා පැහැ වලින් යුත් කොරල් වලින් සමන්විත පරිසර පද්ධතියක් වේ. පාරිසරික වෙනස්කම් හා මුහුදු ජලයේ ඌෂ්ණත්වය ඉහල යෑම කොරල් පරවල පැවැත්මට හානිකර ලෙස බලපායි. කොරල් පර වැනසීම මුහුදු කෑමට හේතු වේ.
එදිනෙදා ව්‍යවහාරයේ කොරල් ගල්මල් ලෙස භාවිතයේ යෙදේ. ගල්මල් සමූහ ලෙස ජීවත් වෙන බහුපාදික මුහුදු ජිවීන් හෝ අජීවී කොටස් මුල්කරගෙන හැඩගැසුන ව්‍යූහයන් වේ. ජීවියා මියගියද තැනුන ව්‍යූහයේ සැකිල්ලේ පැවැත්මට වර්ධනයට පිටුවලහලක් වේ.
තෙරක් නොමැති මහ සාගරයේ මහ පොළොවට සමීප සමූහයක් සේ බැඳී පොළව රකින කොරල් පර...
ඉන් ගිලිහී ආදා වෙරලේ තනිවන දැඩි ගල්මල...
සිහිවටනයක් සේ බැබලෙන කිරිවන් සුදු ගල්මල...
මුහුදු වෙරලේ ඇවිද සිප්පි කටු එකතු කල, වැලි මාලිගා තැනූ බාල කාලයේ අනේක හැඩ ගල්මල් වලට ඇලුම් කරා. මෙදා සාගරයක් බඳු බ්ලොග් කලාවේ වෙරලේ හිඳ පිය ඔසවන්න ද උත්සාහය ඒ ගල්මල් නමිනි...
ගල්මල් බ්ලොගය හරහා පුංචි පද නිර්මාණ, කාලීන හා සමාජීය වශයෙන් වැදගත් තොරතුරු තාක්ෂණය (IT) හා සම්බන්ඳ ලිපි ගෙන එන්න බලාපොරත්තු වෙමි.
දයාබර සොයුර, සොයුරිය ඔබ සැම ඉතා ගෞරවයෙන් පිලිගන්නා අතර ඔබේ අදහස් නිරන්තරයෙන්ම බලාපොරත්තු වෙමි.
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්‍ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
Subscribe to:
Post Comments (Atom)
Featured Post
ජීවිතය හීයකි - Arrow
ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...
Popular Posts
-
අදත් බැරිලු කරන්න අන්තිම තෙරපිය. කීවතාවක් නම් කල්ගියා ද? ඉන්නෙපයි වරුවක් එනකම් ගමේ යන බස්සෙක ඔන්න ඔහේ ඉන්නවා මෙතැනම. මහා දානපති ගමේ මුදලාල...
-
කොරල්පර වඩාත් ආකර්ෂණීය වෙරළබඩ ජීවින්ගෙන් සැදුම්ලත් රළු රළට ඔරොත්තු දීමට සමත් නොයෙකුත් හැඩ හා පැහැයන් ගෙන් සැරසුණ කොරල් වලින් සැදුම් ලත් පරිස...
-
දවස නිමාකරන හිරු බැස යන්නේ විඩාබර ලොවට විරාමයක් ලබාදෙන රාත්‍රිය උදාකරලා. දවස තිස්සේ අඩු වැඩියෙන්, මුදු දැඩි හිරු කිරණින් ලොව දවාලුව ද බටහිර ...
ඔබ මුකුත් පොස්ට් එකක් දාන්නෙ නැතුවම මම ඔබෙ අඩවියට ඇතුල් උනා.. එහෙම කරෙ ඔබ මහගම සේකරගෙ රසිකයෙක් හින්දයි..තාක්ෂනයට වෙනම බ්ලොග් එකක් කරන්න.. මෙතනදි ඔබෙ ජිවන අත්දැකිම් ගෙන්න... එතකොට වඩාත් රසවත් තැනක වෙවි... මෙතන.....සින්ඩියෙ ඉන්නවද...ඔබ...?
ReplyDeleteරවා ට
ReplyDeleteසොයුර ඉතා ගෞරවයෙන් පිලිගන්නෙමි. ඔබෙ අදහස මට ගොඩාක් වටිනවා. මා සින්ඩිකෙට් හා සම්බන්ද වුනා, ඊයේ සවස ගල්මල් එහි දැකගන්න ලැබුනා.
මෙහි පලමු කවි ඊයෙ පලකල අතර මෙ වන විට පලකර ඇති පදවැල් එකිනෙක මෙහි පල කරන්න අදහස් කරමි.
This comment has been removed by the author.
ReplyDeleteදාන්න මේකටත්
ReplyDeletehttp://blog.inetlanka.com