Saturday, April 13, 2013

විහිදනු මැන සාමයේ අරුණලු



රැය අඳුර දුරුකරන අරුණලු
ලොව අවදි කරන කුරුලනට ගී තනු
වියැකෙන අරටුවේ මතුකර ලාදළු
අතුඉති අග පුබුදා මල් කැකුළු 
උදාවෙන හිරු
නව මංපෙත පිවිසෙනු මැන
සැක'ඳුර දුරුකර
විහිදා සාමයේ අරුණලු




දුක් දොම්නස් දුරුවී
සතුට, සාමය හා සෞභාග්‍යයෙන් පිරුණ
අලුත් අවුරුද්දක් උදාවේවා!

Monday, March 25, 2013

රජෙකි අරුමෝසම්



කිරුලෙන්
හිස නොවැසුණ
කල
රජෙකි
නෙක අකුරු හැඩ කර 
අපමණ දෑ
කරතෑකි...
පළඳා කිරුළ
ඇස අඳ කර
කල
අරුමෝසමකි
සාක්කුවේ සොඳින්
වැජඹෙතෑකි...


පියවරින් පියවර යන බ්ලොග් ගමනේ ගල්මල්-Coral අඩවිය තුන්වන වසර සනිටුහන් කරයි. ඒ මග මලින් සැරසූ සහෘදයින්ට වගේම ගලින් ශක්තිමත් කර අයට ද බොහෝ තුති.
  
Amazing Spring හි King when Uncrowned ද කියවා බලන්න.  

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts