කිරුලෙන්
හිස නොවැසුණ
කල
රජෙකි
නෙක අකුරු හැඩ කර
අපමණ දෑ
කරතෑකි...
පළඳා කිරුළ
ඇස අඳ කර
කල
අරුමෝසමකි
සාක්කුවේ සොඳින්
වැජඹෙතෑකි...
පියවරින් පියවර යන බ්ලොග් ගමනේ ගල්මල්-Coral අඩවිය තුන්වන වසර සනිටුහන් කරයි. ඒ මග මලින් සැරසූ සහෘදයින්ට වගේම ගලින් ශක්තිමත් කර අයට ද බොහෝ තුති.
මගේ උණුසුම් සුභ පැතුම්...!!!
ReplyDeleteනමුත් ඔය රජා වැඩියෙන්ම භාවිතා කරණා අය, රජා, බල්ලා මාක් කරලා ඉවරයි...
බොහෝම ස්තුතියි එදා පටන් දෙන දිරියට.
Deleteඑකඟයි, ඒ වගේම අඩුවෙන් පාවිච්චි කරන අයට ඊටත් වඩා හරවත් හා වැදගත් යමක් කරන්න තියෙන ඉඩ බොහෝමයි නේද?
අවුරුදු තුනට සුබ පැතුම් !
ReplyDeleteදැංනං ඉතිං ඔක්කොම සෙල්ලං කී බෝඩ් එකෙන්නෙ.
බොහෝමත්ම ස්තුතියි.
Deleteඔව් කීබෝඩ් එක නම් තමයි, එතැන දී කරත හැකි අකුරු සීමාවෙනවා නේද? පෑන ටූල් එකක් වූ විට ඊටත් වඩා පුළුල් (universal) නොවෙද?
මගේ සුභ පැතුම් අය්යා. ගල් සහ මල් අතරින් මෙච්චර දුර ආව ගල් මල් තවත් ඉදිරියටම ගෙන යාමට ආසිරි.
ReplyDeleteඅපූරුයි සිතුවිල්ල. පෑනක, අකුරක රැඳී ඇති බලය. ඒත් ලියන අය තේරුම් ගන්නවානම් පමණයි නේද?
බොහෝමත්ම ස්තුතියි සුබ පැතුමට.
Deleteපෑනේ බලය මතුවෙන්නේත් යටපත්වෙන්නේත් ලියන අත අනුව - අනිවාර්යයෙන්.
සුබ පැතුම් ඩීන් අයියා තෙවර්ෂ පූර්ණයට.. !
ReplyDeleteබොහෝම ස්තුතියි සෙන්නා
Deleteමගේ සුබ පැතුම්. කවිකාරකම් ලියැලේවා තව තවත්.
ReplyDeleteබොහෝම ස්තුතියි, ඒ පැතුම ශක්තියකි.
Deleteඅවුරුදු තුනට මගෙනුත් සුභ පැතුම්..
ReplyDeleteබොහෝම ස්තුතියි දිනේශ්. කාලෙකින් ඒ පැත්තේ එන්න බැරිවුනා.
Deleteදයාබර මල්ලී ඔබට බොහොම සෙනෙහසින් තෙවර්ෂ පූර්ණයට සුබ පතනවා. පෑන කරන හරඹය කෙනෙක්ට හිතා ගන්නවත් බැහැ. සමහරු මෙය හොඳ විදිහට යොදාගන්නවා. තවත් සමහරු අයුතු විදිහට යොදා ගන්නවා. ඉතින් හැම යහපත් දෙයක්මත් ලියැවෙන්නෙත් මේ පෑනෙන්ම තමා. ඔබට සදා ජය පතනවා.
ReplyDeleteඇත්ත, පෑනේ බලය ගැන ලස්සන විග්රහයක්. බොහෝම ස්තුතියි අක්කේ සුබ පැතුමට.
Delete