උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: John Mark Green)
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්‍ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
සමාජ දේශපාලන පෙලීම හා පීඩා අරගලයන් වලට ඉන්දන සපයන අතර, ප්‍රතිරෝධය මැඩලීම අරගලයන් පෝෂණය කරනවා වගේම නිර්මාණකරනයට ද උත්තේජනය සපයයි කියන්න පුළුවනි. මේ එක් උදාහරණයකි, 70 දශකයේ වූවා කියන සිද්ධියකි.
70 දශකයේ මැද භාගයේ දී, මෙරට ඉංග්‍රීසි පුවත්පතක අපූරු මරණ දැන්වීමක් පළ වුණි. එහි දැක්වුණු අන්දමට මියගිය පුද්ගලයා ඩී.ඊ.එම්. ඕ ක්රසි නමැති මහතෙකි. ඔහුගේ මරණයෙන් ශෝක වන්නන් අතර, ටී. රූත් (භාර්යාව), එල්.අයි. බර්ටි (පුතා) සහ ෆේත්, හෝප් සහ ජස්ටිස් නමැති සොහොයුරෝ ද වූහ. ලිපිනය ලෙස සඳහන්ව තිබුණේ අරලිය මැඳුර, පණගියවත්ත, අඳුරුවෙල යනුවෙනි.
බැලූ බැල්මටම මෙහි අමුත්තක් නොතිබුණ ද, ටික දවසකින්ම එහි සැඟවී තිබූ කර්කශ සරදම හෙළි වුණි. මියගොස් තිබෙන්නේ “ඩිමොක්රසි” නොහොත් ප්‍රජාතන්ත්‍රවාදයය. ශෝකවන පිරිසට සත්‍යය (Truth), නිදහස (Liberty), විශ්වාසය, බලාපොරොත්තුව හා යුක්තිය (Faith, Hope, Justice) අයත්ය.
මේ කාලයේ මෙරට පැවතියේ ද, පුවත්පත් ආයතන මර්දනය, විපක්ෂ රුස්වීම් තහනම වැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලන ක්‍රියාවලියකි. අර සිනා උපදවන මරණ දැන්වීම, ඊට සිය විරෝධය දක්වනු පිණිස, නිර්මාණශීලී පාඨකයකු විසින් කරන ලද්දකි (ඔහු වෘත්තියෙන් වෛද්යවරයෙකි).
මෙම මරණ දැන්වීම පුවත් පතේ පලවූ දා උදයේම එය එවකට පැවැති රජයේ ප්‍රබල ඇමැතිවරයෙකුගේ නෙත ගැටුන බවත්, වහාම ඔහු ආරක්ෂක අංශය අරකී මැදුරට යවා එහි විසූ අයගේ වතගොත සොයා බැලීමට තරම් කලබල වූ බව පුවත්පත් වලින් කියවා ඇත්තෙමි. එතැන් පටන් එය ලියුවා යැයි සැක කර ප්‍රගතිශීලී ලේඛකයින්, මාධ්‍යවේදීන් බොහෝ දෙනෙකුට අනේක පීඩා හා හිරිහැර සිදු වූ බව කියවෙයි. පසුව නිර්මාණය කල වෘත්තීය වෛද්‍යවරයා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ බව කියවේ.
තවද, මෙකී මරණ දැන්වීම 70 දශකයේ තරුණ කැරැල්ලක රහස සංඥාවක් නිකුත් කිරීමට යොදාගත් එකක් බව ද ප්‍රකට කතාවක් විය.
මේ දැන්වීම පිළිබඳ කතාව, ඉන්දියාවට ද පැතිරුණි. ඒ කාලයේ ඉන්දියාවේ අගමැතිනිය ඉන්දිරා ගාන්ධිය. එහිද ලංකාවට සමානවම මාධ්‍ය හා විපක්ෂය මර්දනය කිරීම සිදුවෙමින් පැවතුණි.
1975 ජූනි මාසයේ, “ටයිම්ස් ඔෆ් ඉන්ඩියා” පුවත්පතක අවමංගල්‍ය දැන්වීම් තීරයෙහි, “ඩි ඕක්රසි, ඩී.එම්.ඕ.” නමැති මහතකුගේ මරණය ගැන නිවේදනයක් පළ වුණි. ශෝක වන්නෝ ද ලංකාවේ දැන්වීමේ පරිදිමය. පසුව දැනගන්නට ලැබුණු අන්දමට, අපේ දැන්වීම අනුකරණය කරමින් එය පළ කර තිබුණේ, පසුකලෙක “රීඩර්ස් ඩයිජස්ට්” සඟරාවේ ඉන්දියානු මුද්රණයේ නියෝජ්‍ය සංස්කාරකවරයා ලෙස කටයුතු කළ අශෝක් මහදේවන්ය.
ps:
එකී මරණ දැන්වීම මෙසේ පලවූ බව කියවේ:
D.E.M. O’ Cracy, beloved husband of Truth, loving father of L I Bertie, brother of Faith, Hope and Justia, interned on Saturday 20th instant, Araliya Medura, Panagiyawatte, Anduruwella
Dr. Riley Fernando ගේ නිර්මාණයක් බව කියවේ.
ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...