Saturday, August 19, 2023

මුහුදු රළ | A Wave

 


ඔබේ උදව්වක් ඕනෑකරන මිනිසුන්
බොහෝවිට
ඔබෙන් ඉල්ලීමක් කරන්න බැරි තරමට හෙම්බත්ය.
ඔවුනට අතදෙන්න.
දියේ ගිලීම
හැමවිටම
ගිලීමක් හැටියට
නොපෙනෙන්න පුලුවනි.

සටහන:
තමන්, තමන් ගැන අවතක්සේරු කරගන්න, කොන්වෙන, පීඩාවට පත්වෙන හා දිවිතොර කරගැනීම ආදී පීඩාකාරි සමාජ ව්‍යවසන මුල්කරගෙන ලියා ඇති කවියක් හැටියට ගැනෙන, ප්‍රකාශිත වචන වලට වඩා ගැඹුරු අරුතක් ඇති එකකි මෙම පදපෙල.

* නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.
Iain S. Thomas කවියාගේ A Wave කවියේ පරිවර්තනයකි.
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

Monday, August 14, 2023

සමනළයා නුදුටු පියාපත් - You Can Fly


පුංචි නුඹේ
දිගෑරුන දෙපියාපත්
පුලුල්ය,
විචිත්‍රය,
අලංකාරය,
සවිමත්ය
නුදුටුවේ ද නුඹ
සමනළයෝ.
මින් මතු නුඹ
නොවෙයි පිලවෙකු,
හැඩි දළඹුවෙකු
රන් සමනළයෙකු මිස...
පියාඹතෑකි
උසින් උසට
දුරින් දුරට
නිදැල්ලේ...

දරුවා,
ඇයි බැරි,
නුදුටුවාට නුඹ
අත්තටු සවි ඇති
ලස්සන සමනළයෙකි
උසින් උසට
දුරින් දුරට
පියාසර කරතෑකි...


Personal Motivational සංකල්පයක් ආශ්‍රයෙන් කල නිර්මාණයකි

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts