Thursday, August 10, 2023

කඳුලක සංයුතිය - Tears



ජල අණුවක වෙත් නම්
එච්චර සංඝටක
ජලකර අම්ලකර එක්ව
නොබිඳෙන බන්ධන...
කඳුළු බිඳුවක
කොච්චර?
විශ්ලේෂණය කරන්න සිතුනා.
එනමුදු,
තුටු කඳුලක
සතුට සුවඳ උතුරන,
දුක් කඳුලක
වේදනාව කැකෑරෙන,
සංවේදනය...
තව තව ලංවී
තරවෙන,
සුනු විසුනුව
ඉහිරුණ,
බන්ධන රටාව...
වෙත් ද කඳුලක
සංයුතියේ කොතැනක...  
ඔන්න ඔහේ
වියැළුනාවෙ
අතෑර දැම්මා.

Wednesday, August 2, 2023

නිදිකුම්බා මල වට | Touch-me-not


මල්පෙති වේදිකා නැත පිලිගන්න
කවුලු පත් වැහුනා
රූංගා එනවිට
කෙඳි පෙති විසිරී මල වට
ගෝලේ රටාවට
කටු පිරි අතුපතරින්
කෝමද බිඟුනේ
රොන් ඉරුවේ
ලස්සන සුමුදු රෝස
නිදිකුම්බා මලේ...


සටහන:
නිදිකුම්බා පඳුරේ හැකිලෙන-දිගහැරෙන ස්වභාවය නිසා නොයෙක් භාෂා වලින් නිදිකුම්බා පැලය සංවේදී පැලය, ලැජ්ජාශීලී පැලය කියන නම් දී තියෙන අතර උද්භිද විද්‍යාත්මක නම මිමෝසා පුඩිකා (Mimosa Pudica - සංවේදී පැලය යන අරුත) වේ. දෙමළ බසින් තොට්ටා සිනින්ගි (Thotta-siningi) යැයි කියන බව ලඟකදී දැන ගත් නමුත් අපේ ගම් පලාතේ කතාකරන දෙමළින් කියන්නේ තොට්ටාල් වාඩි (ඇල්ලුවෙත් මැලවෙන කියන අරුත) කියාය. ඉංග්‍රීසියෙන් sensitive plant, sleepy plant, action plant, touch-me-not, or shame plant වශයෙන් නම් කිහිපයකි.

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts