ඈත සාගර ජලතල
ගැටෙන සුළං කඳ
මතු කරන කැලතිල්ල
මවන ලොකු පොඩි රළ පෙළ
ඔද තෙද පාමින
අවුදින් ගෙවා මහ ගව්
ගොඩකරේ අබිමුව
බිඳි පොඩිව වෙරළෙ විසිරෙන
කිරි සුදු මුදු පෙණ
ගැටුමක...
ගිමන් හරින ගැඹුරු සයුර ඈතක
නිසසලය තැන්පත්ය
තවත් සුලඟක් හමන තුරු...

