දැවෙටෙමින් හද පිරිමදින
රිද්මය දෙන, සුවපත් කරන
පෙළමින් වෙහෙසට පත්කරන
දව දවා අළු කර දමන
හීන්සැරේ බැසයන
සොඳුරු සිසිලස ගෙනෙන
සැඟව මුලු ගැන්වෙන
ශීත හිම සදන, හිම රකින
නපුර, උරණවෙන
හිම කඳු දිය කරන, වනසන
සොඳුරු සුහද,
රුදුරු සොඳුර,
සනහන දවන,
දවන සනහන,
නුඹ
උණුසුම.
සවන් දෙන්න උණුසුම ගීතය
තුතිමල් මිටක්: ලස්සන තනුව හා සිංදුව | Beautiful song done by Suno AI
The Breeze a pleasant wave of music | නැවුම් සුවඳ මුසු, ප්රසන්න මදනල නගන මියුරු ගී රාවය from ගල්මල්-Coral අඩවියෙන්

++++
ReplyDeleteබොහෝම ස්තුතියි, ඒක වටිනා වැටක්.
Deleteමේ කවිය කියවද්දි මට නම් මුලින්ම දැනෙන්නේ “උණුසුම” කියන්නේ එක පැත්තකින් සැනසීමක්, තවත් පැත්තකින් වේදනාවක් කියන අදහස.
ReplyDeleteසමහර උණුසුම් අපිව සනසනවා. හිතට හයියක් දෙනවා. වෙහෙස නිවනවා. ඒත් තවත් වෙලාවක ඒ උණුසුමම අපිව දවලා අළු කරලා දාන්නත් පුළුවන්. ඒ නිසා මේක නිකම්ම උණුසුම ගැන ලියපු කවියක් නෙමෙයි කියලා මට හිතෙනවා. ආදරය, බැඳීම, මතකය වගේ මිනිස් හැඟීම් ගැනත් මේක කියවන්න පුළුවන්.
විශේෂයෙන්,
“සොඳුරු සුහද,
රුදුරු සොඳුර,
සනහන දවන,
දවන සනහන”
කියන ටික හරිම ලස්සනයි. එකම දේකින් අපිට සැනසීමත් ලැබෙනවා, ඒ දේම අපිව දවනවා. ජීවිතේ සමහර බැඳීම්වල හැටිත් ඔය වගේනේ.
අන්තිමට,
“නුඹ
උණුසුම.”
කියලා නවතින එකත් හොඳයි. “නුඹ” කියන්නේ කවුද කියලා කවියා පැහැදිලි කරන්නේ නැහැ. ඒක ආදරයක් වෙන්න පුළුවන්, මතකයක් වෙන්න පුළුවන්, කෙනෙක් වෙන්න පුළුවන්. ඒක කියවන්නාට තමන්ගේ අත්දැකීම අනුව පුරවාගන්න ඉඩ තියෙනවා.
ඒ නිසා මට නම් මේකේ ලස්සනම දේ තමයි සනසන දේම සමහර වෙලාවට අපිව දවනවා, අපිව දවන දේම සමහර වෙලාවට අපිට ජීවත් වෙන්න උණුසුමක් දෙනවා කියන අදහස.
බොහෝම ස්තුතියි, පසුව විස්තර සහිත කොමන්ටුවක් දාන්නම්.
Deleteබොහෝම ස්තුතියි මයියා ඒ පුලුල් විමසුම් සටහනට, ඔබ හරි. මම උත්සාහ කලේ එකම උණුසුම කියන මාතෘකාවෙන් වෙනස් අරුත් දෙන පොදු පදපෙලක් කරන්න. එය kaleidoscopic poetry ආරෙට කලේ.
Deleteඔබ කැලිඩොස්කෝපය/බහුරූපේක්ෂය සීරුවෙන් හරව හරවා විවිධ රූප මවමින් අර්ථ දැක්වූවා. ඒක සුපිරියි, අගේ කරමි.
උනුසුම කියද්දි එකපාරට මතක්වුනෙ ගෝලීය උනුසුම 😁
ReplyDeleteකවිය, ගීතය දෙකම මරැ!
හුම්. තාක්සනේ මොනතැනට ඇවිත්ද නෙ. ලස්සන මෙලඩියක් දාලා, ලස්සනට වොයිස් කරලත් දෙනව. වොයිස් එකෙ පොඩිම පොඩි ඉලෙක්ට්රොනික වගෙ ගතියක් දැනුනට නරකම නෑ. තව ටිකම ටිකයි හියුමනයිස් වෙන්න තියෙන්නෙ... අහන අයට නොදැනෙන්න. (සමහර ගායකයන්ට වඩා නං 1000ගුණයකින් හොඳයි 😂)
බොහෝම ස්තුතියි, පසුව විස්තර සහිත කොමන්ටුවක් දාන්නම්.
Deleteඔව්, ඔබේ අදහස හරි. මම ඉහත (මයියාට) ලියූ විදියට ගෝලීය උණුසුම ඉහලයෑම, හිම කඳු, ගැලැසියර දියවීම, මුහුදු මට්ටමේ වෙනස මේ හැම එකම ඔබ කී පරිදි ගෝලීය උණුසුම යටතේ එනවා. ඔබ ඒක හරියට හයිලයිට් කරා, බොහෝම ස්තුතියි.
Deleteඅනෙක, සූනෝ වල හැකියාවන් හා මික්ස් කරන්න පුලුවන් හැකියාවන් බහුලයි. ඒවා මාස්ටර් කලොත් සෑහෙන දෙයක් කරන්න පුලුවන් වෙයි. පමණක් සිංහල වචන උච්චාරණය පර්ෆෙක්ට් නැහැ. ඒ වගේම ඉංග්රීසි වචන සෙට් එකක් ද තියෙනවා, එනමුත් මම වර්ක් අරවුන්ඩ් කීපයක් එක්ස්පරිමන්ට් කරමින්.
හහ්. ඊයෙ පොස්ට් කලාම ඊයෙම සින්ඩියේ? 😮
ReplyDeleteසිංදුව හොඳයි. Suno AI තව ඉස්සරහට තවත් හොඳ වේවි.👌
බොහෝම ස්තුතියි. ඔව්, පසුගිය සතියේ අලුත් වර්ෂන් එකක් රිලීස් වුනා, ඊට කලින් එක හා අලුත් එක අතර සැලකිය යුතු වෙනසක් තියෙනවා.
Deleteලස්සන පද රචනය සින්දුවත් ඊට දෙවෙනි නෑ. ඔබට සුබ පැතුම්.
ReplyDeleteඅවසානයේ මට හැඟුනේ ඇතිවත් බැරි නැතුවත් බැරි උණුසුමක් කියලයි.
බොහෝම ස්තුතියි, පසුව විස්තර සහිත කොමන්ටුවක් දාන්නම්.
Deleteඔව්, ඇතුවත් බැරි නැතුවත් බැරි උණුසුම. මට උවමනාවක් තිබුනා කැලිඩොස්කොපික් පොයට්රි ආරට අලුත් පදපෙලක් කරන්න, ඒකට ගැලපෙන මාතෘකාව හැටියට උණුසුම තෝරාගත්තේ. කාලෙකට පසුව මේ ටයිප් එකෙන් පද කලේ.
Deleteමට මතක් වුනේ හිරු
ReplyDeleteඔබ හරි, උණුසුම මාතෘකාව තුලින් මතුකරන උණුසුමෙන එකක් හිරු දෙන උණුසුම. තවද ඒ යටතේම එන ග්ලෝබල් වෝමිං හා ප්රතිවිපාක. බොහෝම ස්තුතියි.
Delete