Friday, January 27, 2023

තොපට විතර ද රජෙක් ඉන්නේ | Kingdom

 


ගව් ගණන් ගෙවා
උදේ රැයේ
මලින් මල තුඩින් තුඩ
රොන් ගෙන තටු සලන
කඩිසර මී මැස්සනේ...
පෙළින් පෙළ ඇදෙන
මුවින් මුව තුඩින් තුඩ
රහස් කියා දුවන
යුහුසුළු කුහුඹුවනේ
ඇයි කලබල?

තොපිට විතර ද
රාජධානියක්,
රැජිනක්,
දිවිහිමියෙන් රකින
වට පිරිවර
බැල සේනාව
නමට රජෙකු
ඉන්නේ?

ඇයි අපි?
අපිත් ඉන්නේ රජදහනක,
වේ රජදහනක!
කා වැනසුව ද උන්
දරා බරපැන අපිම රැකිය යුතුවෙන
උන්ගේ හුඹහ - රජධානිය

* වේ රජදහන = වේයන්ගේ රජධානිය


සත්ව ලෝකයේ සමූහ ලෙසෙ ජීවත්වෙන මී මැසි, කුහුඹු, වේයන්, දෙබර ආදී රාජධානියක රැජින මූලික වූ ද නොයෙකුත් රාජකාරීන් වලට වෙන් වූ පිරිවර හා රැජිනට රජෙකු ද සිටින බව කියැවේ.



4 comments:

  1. Kin-dom කියන්ඩත් ඇහැකි නේ හ්?

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒ අදහසම මටත් ආව නමුත් ශුද්ධවූ ග්‍රන්ථයක එම යෙදුම බාවිතාවෙන නිසා යෙදුවේ නැහැ.
      බොහෝම ස්තුතියි ඔබට.

      Delete
  2. පරිඝනක විද්‍යාවේ මහා ගෙදර. ගල්මල් බ්ලොක්අඩවිය. අපගේ උපහාරය/

    ReplyDelete

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts