Friday, January 20, 2023

සුවඳ බොන රසාංකුර

 


දින ගාණක් වැසි අහසේ
අඳුරු වලා අතරින් එබි
හිරු හිනැහෙනවා
රැස් විහිදා

රොන් රොඳ කෙඳි වලා
හනි හනිකට ඈත ඇදෙනවා
නෑගම් යනවාදෝ
පමා වෙලා

ගං කොමලිය ඉවුරු පෙළා
වියරුව මහ මුහුදට ඇදෙනවා
කේඩෑරි තණපත්
දිය මත මුහුණ බලනවා

සුළං රොදේ වෙලී අවුදින්
කබලේ බැදෙන කෝපි සුවඳක්
රිංගා'විත් නාස්පුඩු
සුවඳේ බැරුවා

රස මිහිරි කෝපි පුසුඹ
පිරිලා දසත 
රසාංකුර සුවඳ
උරා බොනවා...

1 comment:

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts