Tuesday, September 13, 2022

හිදැස the Space


 

හිදැස
විටෙක අනන්ත අප්‍රමාණ සාගරයේ ඈත
පෙනෙන නොපෙනෙන ක්ෂිතිජය තරම්
පරතරයක්…
ගව් ගානක දුර හිටියත් මොහොතකින්
සැරිසැරිය හැකි
ළඟපාතක්…
තවත් සමහරවිට ඇලී ගැලී ළඟම හිටියත්
හිතෙන් ලං නොවූ
රික්තකයක්…
පමණක් අවස්ථාවල ජීවිතය අරුත් බර
කරන්න නිසි තැන දී 
ලැබිය යුතු, ලබා දිය යුතු,
පුංචිම පුංචි ඇසට පෙනෙන, නොපෙනෙන
දායාදයක්, වස්තුවක්
නොවෙද...

No comments:

Post a Comment

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts