Friday, June 10, 2022

බාලගිරි - Not Today, Tomorrow

 


නුබ ගැබ බරව
හෝ ග ගා කඳුළු සලනවා
කෙසඟ කුරුදු දර පතුර
බෑ කිය කියා දැවෙනවා 
අතනෑර නුඹ
හති ද දා ගිනි පිඹිනවා
සිලින්ඩරය දොරකඩ
හැඩ ද දා මකුළුවා වියනවා...

මුළුතැන්ගෙයි රාක්කේ
බෝතල් විනිවිද පේනවා
පිළිකන්නේ පලා පාත්තිය
අහස බලාගෙන
නව දල්ලක් යදිනවා
ඇහැපියවෙද්දි හඹා එන
ගෑස් ලොරිය පේනවා
හතරට නැවුන ලොකු කොළය 
බාලගිරිය සොයනවා...

No comments:

Post a Comment

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts