Thursday, November 25, 2021

මොර සූරන වැස්සක්


 

සැඳෑ අහස අද වෙනස්ය,
සුදු සේළයෙන් සැරසී
ඈත රන්වැලි තීරයේ රඟන
රළ බිඳෙන හඬ යටකර,
අඳුර කපාගෙන
තුරු වැල් අතරින් හිනැහෙන 
වෙරළ ඉමේ ඉහළට නැගි
දුර ඈත සුරපුරය මුදුනේ
තාලෙට නිමි නිමි දිලෙන
රතු එළියත් සෝදාගෙන ගිහින් ද
මොර සූරන වැස්ස වහිනවා...
සඳලුතලෙන් බැස හිරිකඩ
ඈත්කර දුහුල් තිරපට
එබී බලා ඔච්චම් කරනවා ද
මොර සූරන වැස්ස වහිනවා...
සඳ තරු නැති
මගේ නුබ ගැඹරේ
තනිය මකන්නට
ගයමින්, වයමින් තාලෙට
මොර සූරන වැස්ස වහිනවා...

No comments:

Post a Comment

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts