Friday, November 19, 2021

අවැසිය විරාමයක්



හිමිදිරියේ නැග එන
කළුවරට ඉඩදී බැසයන
හිරු, දැවුවත් ඉඳහිට
ජීවන කතරට ගෙනෙයි රිද්මයක්.
කොහෙන් දෝ පෙරළාගෙන ආ 
සැඩ කුණාටුවක් 
අඳුරු වලාවක්
තිබ්බා තිතක්
අවුල් කර පුරුදු රිද්මය,
වෙහෙසය නුහුරු සැන්ඳෑව.
කෙලෝරක නැතිව බැට කන
තිත ද තැලි තැලී
හැඩය වෙනස් වෙලා
හඳුනාගත නොහැකිව,
අවැසිය විරාමයක්
නැවතීමට නොව
තව දුරක් යන්න
ගමන යායුතු…

No comments:

Post a Comment

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts