හදිස්සියෙම මල පොඩි සිඤ්ඤෝ පරලොව යමින් උන්නෙ...
ඈතින් ලොකු සද්දයක් ඇහෙනවා, හංදිය දිහාට සද්දේ වැඩි වෙනවා, පැහැදිලිව ඇහෙනවා.
ලාබ කරා හාල් ලාබයි...
ලාබයි ලාබයි පොල්...
එන්ඩ, එන්ඩ ලොකු ලූණු තමා ලාබ කරා...
බඩයි පිටයි ඇලෙන්න ඔන්න මෙන්න තියෙන පොඩි සිඤ්ඤෝ ඉනට අත තියාගෙන පැත්තට ඇලවෙලා පොඩ්ඩක් උරහිස පස්සට අරන් බැලින්නම් හන්දියේ වෙළෙන්දෝ පිරිලා, සද්දේ. ඒ අතරින් හීන්දෑරියෙක් මතුවෙනවා...
තක්කාලි ලාබයි, තක්කාලි...
පොඩි සිඤ්ඤෝට පුදුමයි.
ගැඹුරු කටහඬක්! ඕකුන්ට අහුවෙන්න එපා, ඔහේ අපායේ හිටියා ඇති කෙළින්ම යනවා... ඕකුන් හිතූමනාපෙට බඩු විකුණලා අපායට ආපු උන්. ටී බ්රේක් එකේ ඇවිත් ලාබෙට විකුණන්නේ අපායෙන් ගැලවෙන්න...
හංදිය අනික් පැත්තේ ලොකූ සෙනඟක්, හරි උනන්දුවෙන් මොනවදෝ අහන් ඉන්නවා.
* මෙය One|Zero|Zero හි වචන සීයේ සීමාවට යටත්ව ලියපු, පල නොවූ කතාවක්
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
Subscribe to:
Post Comments (Atom)
Featured Post
ජීවිතය හීයකි - Arrow
ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...
Popular Posts
-
දවස නිමාකරන හිරු බැස යන්නේ විඩාබර ලොවට විරාමයක් ලබාදෙන රාත්රිය උදාකරලා. දවස තිස්සේ අඩු වැඩියෙන්, මුදු දැඩි හිරු කිරණින් ලොව දවාලුව ද බටහිර ...
-
කොරල්පර වඩාත් ආකර්ෂණීය වෙරළබඩ ජීවින්ගෙන් සැදුම්ලත් රළු රළට ඔරොත්තු දීමට සමත් නොයෙකුත් හැඩ හා පැහැයන් ගෙන් සැරසුණ කොරල් වලින් සැදුම් ලත් පරිස...
-
රන්ඳා උසක රෑනින් එබී බැලූ සහසක් මල් අතරින් පළලූ පොඩි මලක් වූ ලේනුන් මීයන් මඟහැර මෝරා හැඩ වූ ගිලිහී නටුව වැටුණ ද උසකින් ස...
ඔබ දිකින පුරුදු/වෙනස්ම අපාය :)
ReplyDelete