Friday, January 31, 2020

අපායේ හංදියේ හමු වූ බොස් සහ වෙළඳ සේවකයා

පුහ්! මෙච්චර දුරක් ඇවිල්ලත් තවම ඉවරයක් නැහැනේ... හිතූ ඔහු ආ මග හැරී බැලුවේ නළලින් බේරෙන දාඩිය පිට අත්ලෙන් පිහමින්.

ඇවිදින්න පණ නැතිව ඇද, ඇද ඈත එන තම ස්වාමියා දැක්කේ අහම්බෙන් වගේ.

පුදුමයි! ආපහු හැරිලා යන්න තරම් පණක් නැති ඔහු හුන් තැනම නැවතී ගිනියම් බොරළු පිරි පාරේම වාඩි වුණා. තෙහෙට්ටුවෙන් ඇස් ගිලෙන්න වගේ.

ඇයි බොස් මෙහේ?

ඔහේ එකක්වත් තිබ්බයි ඔක්කෝම විකුණලා නේ?

ඇයි? බොස් කිව්වනේ අලුත් ලොට් එක එනවා එකක්වත් තියාගන්න එපා ඔක්කෝම විකුණන්න කියලා.

ඔව්, කිව්වා තමයි, පනහේ ඒවා පන්සීයට දෙන්න පුළුවන්කම තියෙද්දි වෙන මොනවා කරන්න ද?

මොකද වුණේ බොස්?

ඔහේ ඇදගෙන වැටිලා, කස්ටමර් කෙනෙක් 1990 කෝල් කරලා හොස්පිටල් ගෙනිහින්. ඔහේ මළා. ඔහේ කැෂියර් එකත් ලොක් කරලා නැහැ නේ.

මළා, ඉතිං.

ඉතිං තමයි, හොඳ වෙලාවට එකෙක්වත් ඇතුළට ගිහින් නැහැ. බොස් කිව්වේ ටිකක් කේන්තියෙන්.

ඉතිං.

මං ගියේ කෑෂ් කලෙක්ට කරගන්න. සල්ලි ගොඩයි. කිලෝ පහේ අරලිය බෑග් එකකට දාගත්තා. දොර වහගෙන හංගපු ඒවා තියෙනව ද හොයන්න ගත්තා. එච්චරයි මතක, කැරකෙනවා වගේ දැනුණා... දකුණතේ කෆ් එක අතුළෙන් රූටන පණුවෙක් වමතේ දබරැඟිල්ලයි මාපටැඟිල්ලයි අතර හිරකර ඉවතට ඇද දමමින් බොස් කිව්වා.

බලන්න බොස් මංවත් මාස්ක් එකක් දාගන්නේ නැතුවනේ වික්කේ.

යං, යං ඔහේ මෙතැනින් හැරිලා යනවා... හදිස්සියේ ඊතලයක් අරන් ආපු හේවායෙක් බොස්ට කිව්වා.

ඔය ළමයා මේ පාරේ කෙළින්ම යනවා... ඈත පාර දෙපැත්තේ කොළපාටින්, මලින් පිරි පාර අතින් පෙන්නුවා.

1 comment:

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts