අත දරාගෙන
ආම්පන්න
යතුරු එකතුව
බලාපොරොත්තුවෙන්
බලා සිටින
මුලිච්චි
වෙන තුරු
යතුර
නැති වෙච්චි
උදවිය
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්‍ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...
බොහොම ලස්සනයි. උපහාස රසයකුත් තියෙනවා.. රසයි...
ReplyDeleteසන්තෝසයි, බොහෝම ස්තුතියි ලොක්කා.
Deleteඅපූරුයි..
ReplyDeleteබොහෝම ස්තුතියි දිනේශ් මල්ලි
Deleteහැමදාමත් වගේ ඩීන් අයිය අපි නිතරම දකින දෙයක් දිහා වෙනස් විදියට බලලා
ReplyDeleteහැබැයි ඔය යතුරු කපන්නො වැඩි දෙනෙක් කැමති නැතිවෙච්ච යතුරට අලුත් යතුරක් කපන්න නෙවෙයි...තියන යතුරට අමතර යතුරක් කපන්නයි...:D
පදපෙලට උවමනාවෙන්ම අඩංගු කර නැති කොටස් දෙකකින් එකක් ලකී සඳහන් කරලා තියෙනවා, සතුටුයි.
Deleteඅළුත් යතුරක් කපන්න විශේෂ හැකියාවක් වගේම පලපුරුද්දක් අවශ්‍යයි, ලේසිම කාරිය කොහේ හෝ හදා, ඉම්පෝට් කරන ලද රෙඩිමේඩ් (ප්ලේන්) යතුරක් පාවිච්චි කරලා ඩුප්ලිකේට් කිරීම. සාමාන්‍යයෙන් සිදුවන්නේ අමතර යතුරකට මුදලක් යටකරන්න මැලි අය කරන්නේ නැති වුන යතුරකට/හිරවෙච්ච ලොක් එකකට අලුත් යතුරක් කපා ගැනීම නේද?
උදව්වක්ද? අනුන්ගෙ විපත ඔවුන්ගෙ සැපතක්ද? :D
ReplyDeleteවිශ්වාසය නැතිවුනාම උදාවෙන අවස්තාව නොවැ.
Deleteඇර ගන්න බැරි දොරවල් දහසක් ඇර දුන්නත්... ඔවුන්ට දොර ඇරගන්න යතුර හමුවෙලා නැතුවද...?
ReplyDeleteපදපෙලට උවමනාවෙන්ම අඩංගු කර නැති කොටස් දෙකෙන් අනෙක ඔබ සඳහන් කරලා තියෙනවා, සතුටුයි.
Deleteඅනුන්ට යතුරු කපා පිහිටවෙන ඔවුන්ට හරියාකාරව වහගන්න දොරක්වත් තියේද?
විශිශ්ටයි
ReplyDeleteමේ වදන දිරියකි.
Deleteතවත් අපූර්වත්වයකින් හෙබි කෙටි කවියක්.
ReplyDeleteහොඳින් රසවින්දෙමි.
බොහෝම සන්තෝසයි, ඔබේ ඇගයීම දිරියකි සහෘදයා.
Deleteඇතුවත් බැරි, නැතුවත් බැරි
ReplyDeleteඒකනම් එහෙමයි, සහතික ඇත්ත.
Deleteනියමයි.
ReplyDeleteබොහෝම ස්තුතියි.
Deleteනියමෙට ගැලපෙනවා ...... පද ටික
ReplyDeleteබොහෝම ස්තුතියි. ඔබව ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.
Deleteහැමදාම හිතන්ඩ දෙයක් ඉතුරු කරන කවියක් තමා ඉතින් ඩීන් අයියගෙන් ලියවෙන්නෙ..
ReplyDeleteබොහොම නිර්මාණාත්මකයි..
ජය !!
ඒ වදන් දිරියකි, බොහෝම ස්තුතියි සහෘදයා.
Deleteඋපහාස රසය අතරින් දුකක් මෝදුවෙන ගතියක් දැනුණා....
ReplyDeleteජය පරාජය දෙකම ඉන් පෙන්වන නිසා වෙන්න ඇති. බොහෝම ස්තුතියි ඔබේ සටහනට.
Delete