පාට පාට සුමුදු මල් පැල
තවානෙන් පැනලාවිත්
මගදෙපස පේළි ගැසී
ලස්සනට
පලාගිය වලාකුළු පෙරලාවිත්
රොන් රොද කෙඳි හැඩින්
සරසා හිස් අහස විසිතුරු
රටාවට
කුරුල්ලනී ඈතින් ආ පුරුද්දට
හඬ දිදී සොයන්නේ කිමද
තුරු තීරුව යටවෙලා මැදුරු
පේළියට
ඉඳි ගස් පෙල මඟ දෙපස
අතු ගුලිකර බලා හිඳී
ඉසිලුම් නැතිව උරණ වෙලා
සීතලට
උඩු වියන් තනන වළාකුලේ
නෙක පාටින් සරසන සුමුදු මලේ
මිහිරි ගී ගයන සියොතුනේ
හැර යන්න එපා මෙදා
හනිකට
කතරක ශිශිරය තව ටිකක් දකින්න ෆොටෝ ටිකක් දාන්නකො...
ReplyDeleteඅනිත් අතින් ඉඳිගස් පව්... හොඳට ම සීතල ඇතියි... පයිනස් ගස් වගේ කොළ හැලෙන්නෙත් නැතිව ඇති නෙ...
මෙදා වැලිකතරේ ශිශිරයට වැඩි ආයුෂ නෑ අයියණ්ඩි...!
ReplyDeleteසුලා..
පිපී ඇත බොහෝ මල්,
ReplyDeleteඇත්තමයි ලස්සන තමයි,
ඒත් කොහොමද ඉවසන්නෙ හීතල,
මුලු රැය පුරා හිත හඬයි,
ඉඳි ගස් වලට තරහ ගියත් නිර්මාණය ලස්සනයි සහෝදරයා
ReplyDeleteඇත්ත තමයි සීත කාලය එනවා කියලා දන්නේම නැතිව බොරුවක් කරලා යනවා.
ReplyDeleteපදපෙල ලස්සනයි.
"හැර යන්න එපා මෙදා
ReplyDeleteහනිකට"
ලස්සනයි කවිය අයියේ.. මේ අදහසටත්, විශේෂයෙන් අන්තිම පේළියටත් මම හුඟක් කැමති
"ගිම්හානයත්,හෙමන්තයත් ජීවිතයේ සැපදුක වගේ..
ReplyDeleteවියළි දිවියට සිසිල ගෙනදෙන ශිශිරයට නෙත සිත ඇදේ.."
මමද ශිශිරයෙ සුවය විඳිනෙමි.. ;)
ලස්සන නිර්මාණයක්
@චේජනා:
ReplyDeleteඉඳිගස් හිනැහෙන්න පටන් ගන්නේ රශ්ණය එනවත් එක්කම, එතකොට ඉතිං අපි පව්.
ඔව් නංගී පින්තූර එකතුවක් කරමු.
බොහෝම ස්තුතියි සටහනට.
සුලා:
ReplyDeleteමලේ සිසිරය කොහොම නමුත් මේ පැත්තට ඇවිත් ගිය එක ලොකු සතුටක්. හොයමින් හිටියේ.
ලඟකදි තිරරෙදි මාරුකර නිසා (ඇනෝට) වේදිකාව කරදර දුන්නවත්ද කියලත් හිතුනා.
@Ravi:
ReplyDeleteමැදපෙරදිග බොහෝ පලාත්වලට සෑහෙන්න වැසි වැටුනත් මෙදා අබුඩාබියේ නම් සිසිරය අමුතුයි. ඊයේ වගේම අදත් මල් පොද වැසි පෙන්නලා කළු වලාකුලු ආයෙත් ගස්සාගෙන ගියා.
බොහෝම ස්තුතියි කවිපෙළට.
පතොක් නොවෙද සිසිලස බෙදිය යුතු...
@උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා:
ReplyDeleteබොහෝම ස්තුතියි මල්ලී නිර්මාණය රසවිඳ සටහනක් තියා ගියාට.
@නෙල්ලි:
ReplyDeleteඔබ හරි බොහෝ විට අපි සූදානම් වෙද්දි සිසිරය ඇවිල්ලත් ගිහින් දන්නේම නැතිව.
බොහෝම ස්තුතියි ඇවිත් සටහනක් කරාට.
@හරී - පිණිපළස:
ReplyDeleteපදපෙල රසවින්ඳා නම් එයයි සතුට නංගී.
බොහෝම ස්තුතියි ඇගයීම් සටහනට.
@සමන්ත රූපසිරි:
ReplyDeleteදැනේ රතු මුහුදේ සුවඳ හුරු...
බොහෝම ස්තුතියි මල්ලී ඇගයීම් සටහනට.
@රවි, හර්ෂණ, නුවන්, සමන්ත
ReplyDeleteසැම ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා
මේ දිනවල අත්විඳින සොබාදම් පෙරළිය හරිම සුමුදු වදන් වැලකට කැටි කරගෙන.
ReplyDelete@චන්දිමා:
ReplyDeleteසාමාන්‍යයෙන් උශ්ණාධික පරිසරයක් ඇති ප්‍රදේශයක කෙටි කාලයකටවත් සිසිලසක් අත්විඳිම වරමක්.
බොහෝම ස්තුතියි නංගී සටහනක් තැබුවාට.
ලස්සන නිර්මානයක් අයියේ.ඔයාගේ හැම නිර්මානයකම භාවාත්මක හැගිම් ජනින වෙන නිර්මාන
ReplyDeleteහැංඟි හැංඟි කලින් කලට එබිකම් කරලා මැකී යන දේවල්වල ගුණාත්මක ගුණය හා චමත්කාරය කොහොමත් වැඩියි..
ReplyDeleteකවදත් නිර්මාණකාරියේ ඇසූ පිරූ තැන් ඇති ඔබ අතින් සැන්දෑ අහසක ලියැවුන දේදුන්නක පාට තිබුණු කාව්‍ය සංග්‍රහයක් ලෙසයි මා මෙය දකින්නේ..පරිසරය හා සොබා දහම වෙන කවරෙකුටත් වඩා මහා පරිමාණයෙන් පලමුව ඔබම එය විඳිමින් අපිටත් විඳින්න සලස්වා දීම තමා මෙහි ඇති සුවිශේෂීකම...
කවදත් කියනවා වගේ මගේ නොමැකෙන ට්‍රේඩ් මාක් එක "දිගටම ලියන්න සහෝදරයා" ඔබට ජය!!
@නුවන් තිලංග:
ReplyDeleteබොහෝම ස්තුතියි මල්ලී සටහනට.
@බන්දුල රුවන්පුර:
ReplyDeleteබොහෝ භක්තියෙන් ආදරයෙන් ඔබව ගල්මල් අඩවියට පිලිගන්නේ.
ඔබේ මුතුවැලෙන් ලැබෙන එළිය කවදත් අගේය. ශක්තියකි. බොහෝම ස්තුතියි සොයුරාණෙනී.