Monday, November 22, 2010

නිවුටන් ආපහු එන්න


බලයට ප්‍රතිවිරුද්ධ බලයක්
දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවක්
ඇත් ද බලන්න

වැටෙන්නේ ආකර්ෂණය
උඩ යන්නේ හෑල්ලුව
හින්ද ද බලන්න

මත මිටිකර පසෙකලා
ඔළුව සැහැල්ලුවෙන්
නියුට්‍රල් වී එන්න


සටහන:
ශ්‍රීමත් අයිසැක් නිව්ටන් කි‍්‍ර. ව. 1642 සිට 1727 දක්වා කාලය අතරතුර බි‍්‍රතාන්‍යයේ ජීවත් විය. සුප‍්‍රසිද්ධ ඇපල් ගෙඩියේ කතාව නිසා පාසල් යන කුඩා දරුවන්ට වුව ද ඔහුගේ නම හොඳින් හුරු පුරුදු ය. නිව්ටන් තමන්ට අයත් ඇපල් වත්තක වාඩි වී සිටියේ ය. හදිසියේ ම ගසකින් ඇපල් ගෙඩියක් බිමට වැටෙනු දැක, ඒ ඔස්සේ කල්පනා කරමින් ගුරුත්වාකර්ෂණ න්‍යාය ලොවට හඳුන්වාදීමට තරම් හේ තියුණු පරිකල්ඵනා ශක්තියක් ඇත්තකු විය. එසේ ම විශ්වයේ කොතැනක හෝ පවතින වස්තුවක සිදුවිය හැකි චලිතයේ ස්වභාව විස්තර කැරෙන නියමයන් තුනක් ද නිව්ටන් විසින් ඉදිරිපත් කරන ලදී. අප කවුරුත් දන්නා ඕනෑම කි‍්‍රයාවකට සමාන හා ප‍්‍රතිවිරුද්ධ වූ ප‍්‍රතික‍්‍රියාවක් ඇත. යන නියමය නිව්ටන් ගේ එම නියමයන් තුනෙහි තෙවැන්නයි... වැඩිදුර කියවන්න
සටහන උපුටාගත්තේ/මූලාශ්‍රය: "http://www.danuma.lk"

8 comments:

  1. ෂහ් පොල්ලෙන් ගැහුවා වාගේ මටනම්...!!!
    නියමයි...

    ReplyDelete
  2. නියමයි. සීගිරියේ කියවලා තියෙනවා. කාලෙකින් ඒ පැත්තේ අලුත් ඒවා දැම්මේ නැ නේද?

    ReplyDelete
  3. උසස් පෙළ කරන කාලෙ ඉඳන් නිව්ටන්ව පෙන්නන්න බෑ මට,, හොඳ වැඩේ නිව්ටන්ට :D

    ReplyDelete
  4. http://travel.webshots.com/photo/1151581961050353563gMtgFY
    නිවුටන් ඇපල් වත්තක වාඩි වෙලා හිටියේ නෑ. කේම්බ්‍රිජ් වි වි ඇපල් ගහක් යට වාඩි වෙලා උන්නේ ඔලුවට ඇපල් ගෙඩිය වැටෙනකොට. එතන ඒ බව කොටපු ගල් පුවරුවක් තියෙනවා. පොඩ්ඩ්ක් හොයලා බලලා ලියන්න. මීට ටිකක් එහායින් තියෙන්නෙ වොට්සන් හා ක්‍රික් ඩී එන් ඒ ව්‍යුහය ගැන සාකච්ඡා කරපු ඊගල් පබ් එක

    ReplyDelete
  5. @තිස්ස දොඩන්ගොඩ:
    බොහෝම ස්තුතියි මිත්‍රයා

    ReplyDelete
  6. @Anonymous (1):
    බොහෝම ස්තුතියි ආයෙත් වරක් කියවලා සටහනක් තියා ගියාට.

    සීගිරි සාහිත්‍ය තරඟය කාලේ නිර්මාණ ගොඩාක් ඉදිරිපත් කල නිසා පොඩි විවේකයක් ගන්න එක හොඳයි කියලා හිතුනා.

    ReplyDelete
  7. @හරී - පිණිපළස:
    උසස් පෙළ කරන කාලේ නියම ඇතිකල අය එක්කලා තරහයිනේ කොහොමත්. බොහෝම ස්තුතියි නංගී සටහනට.

    ReplyDelete
  8. @Anonymous (2):
    බොහෝම ස්තුතියි දැණුවත් කිරීමට, ඒ වගේම උපදේශයට. හැබැයි මගේ නිර්මාණයට නියමය හෝ චරිත කථාව අදාල නැහැ. නිවුටන් ගේ නියම ගැන මතකය අළුත් කරගන්න ලේසි වෙන්න කියලා දැණුම.කොම් සටහනක් එලෙසින්ම උපුටා දැක්වපු එක විතරයි මා කලේ. ඒනිසාම මූලාශ්‍රය ගැන සඳහන් කලත්, තවදුරටත් පහසු කරන අදහසින් "සටහන උපුටාගත්තේ" යන කොටස අඩංගු කලා.

    කොහොම නමුත් ඔබට බොහෝමත්ම ස්තුතියි. නිවටුන්ට ගොඩාක් කැමතියි වගේ.

    ReplyDelete

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts