Tuesday, July 13, 2010

යළි ගොඩනගමු


ඇද හැලුන වැසි
ඉතිරි කල දියබිඳ මත
වැටෙන සූරිය කිරණ
ඉඳ හිට කල සිතුවම
පාට දේදුන්න

හිරු පහස ලැබ
සුලඟේ පාවීයන දියබිඳ
වි‍යැකෙන පාට දේදුන්න
සමුගනි ලමා සිත

දමා හැඩතල තනා
රිංගන සුදෝ සුදු
එළිය බිද බෙදා
පාට පෙන්නන
පුන්චි ප්‍රිස්මය

හැම එක්විය යුතු අද
අරගෙන නුඹ මුල්තැන
බෙදන්නේ ඇයි
බල සුන් කර

පමා වී නැත තව
සිතන්න සබඳ
උඩු යටිකුරු කර
කාරනා වූ ප්‍රිස්මය
යළි ගොඩනැගිය
හැකිය සුදෝ සුදු
බලැති ශක්තිය
ගිලෙන්නට නොදී
උතුම් ලක් නැව


කලින් පලකල ප්‍රිස්මයේ නිර්මාණය අගයමින් සටහනක් තැබූ මා මිත්‍ර හද ගී පොත... අඩවියේ තිස්ස දොඩන්ගොඩ මහතා මෙසේ සඳහන් කර තිබුණා:

සොයා දෙන්න...
මගේ සහකරු...
නැවත දෙමී...
හද බැඳි සුද..


මෙම "යළි ගොඩනගමු" නිර්මාණය සිතේ ලියලා එන මොහොතක ඔබේ සටහන විස්මයක් ඇති කලා. සොයුරාණෙනී මෙ නිර්මාණය ඔබට තුතිමල් මිටක් සමඟ.


රූප සටහන ගත්තේ මෙතැනින්:
"http://image.tutorvista.com/content/dispersion/white-light-recomposition.jpeg"

16 comments:

  1. හිරු එලියෙන්ම
    වියැලී වියැකී
    යන්නට පළමුව....
    තමාට හැකි පමණින්..
    හිරු එලිය සමග ඔට්ටුවී......
    එහි නිරුවත ලොවටම
    හෙළි කරන්නට තරම්...
    කොයින්ද උඹට
    සවියක් පුංචි
    වැහි බිංදුවේ.......
    එකමුතු කම නොවැද රහස...
    නුඹේ වාගෙම
    හිරු එලියෙත්....
    යාළුවේ.............

    ReplyDelete
  2. නියමයි...... !

    බෙදී වෙන් වී නොයා පාට වලට, ප්‍රිස්මයක ගැටී
    ඉන්නට හැකිනම් සැම හට ධවල ඛීලයක් ලෙස
    තුලින් ගොසින් ඉන්පසු කාචයකින් උත්තල
    දවා හල හැක රුපුන් එන මව් බිම වෙත

    ReplyDelete
  3. මගේ ගෞරවය ඔබටත්...

    @දුමී...
    නියමෙටම නියමයි... ඔබේ පද හතරත්....!
    මේක A/L ආලෝකය පාඩම වගේ වේගන එනවා...!!!)

    ReplyDelete
  4. බෙදී වෙන්වී යන ලෙස ප්‍රිස්ම සේ
    ලංවන සංකල්ප සහ මති මතාන්තර
    හැකි නම් අපට හඳුන ගන්නට දුර තියාම
    හැකිවේවි ඉන්නට ධවල ඛීලයක් ලෙස හැමදාම
    මැණික්(සුළඟ)

    ReplyDelete
  5. ගියපාර නම් මම හොඳයි, මට තේරුනා අනේකවිධ පාටවලට බෙදිල ඉන්න අපේම සමාජය ගැන තමා ප්‍රිස්මයේ කියන්නෙ කියල...

    Chejana

    ReplyDelete
  6. හොඳ කල්පනාවක්..! ලස්සන අදහසක්..!

    ReplyDelete
  7. @Shadow/හේමලයා:
    බොහෝම ස්තුතියි එක්කල ලස්සන පදපෙලට

    ReplyDelete
  8. @දුමී:
    ලස්සන අර්ථවත් පදපේලිය යාළු, බොහෝමත්ම ස්තුතියි

    ReplyDelete
  9. @තිස්ස දොඩන්ගොඩ:
    බොහෝමත්ම ස්තුතියි ඔබට

    ReplyDelete
  10. @Praසන්ன:
    බොහෝම ස්තුතියි ඔබේ ඇගයීමට

    ReplyDelete
  11. @මැණික්(සුළඟ):
    බොහෝම ස්තුතියි අගනා පදපෙලට.

    ඇත්තෙන්ම මතිමතාන්තර පසෙකලා පොදු පසුබිමක් සැකසී එක්වෙන පරිසරය මොනතරම් චමත්කාරයකින් පිරේවිද...

    ReplyDelete
  12. @චේජනා:
    "...අනේකවිධ පාටවලට බෙදිල ඉන්න අපේම සමාජය ගැන තමා ප්‍රිස්මයේ කියන්නෙ..."

    තවත් ප්‍රිස්මයක් උඩු යටිකුරු කරලා වත් පාට එක් කර සුදු ආලෝක කදම්බය හදන්න පුලුවන්.

    ඒ වගේ ක්‍රමයක් තිබුනොත් අපේ සමාජයත් ගොඩගන්න...

    ReplyDelete
  13. @nimanthi:
    නිර්මාණය ඇගයීම ගැන බොහෝමත්ම ස්තුතියි

    ReplyDelete
  14. මට උඹ ගැන ආඩම්බරයි..සොඳුරු දාර්ශණිකයා...

    අවුරුදු තිහක් තිස්සෙ සිවිල් යුද්ධයකින් බැට කාල ගොඩ ආවා විතරයි.."සමහරක්"රැඩිකල් මතධාරී උදවිය මෙන්න දුක් වෙන්න පටන් අරන් අපේ රටට යන කළ කියලා...අනේ මන්දන්නැහැ ඒ උදවිය බලා පොරොත්තුවන වෙනස මොනවගේ එකක්ද කියලා..ප්‍රමුඛ කාර්‍යය වියයුත්තේ කැඩී බිඳී ගිය හදවත් එක් කිරීමයි...අපිට ආර්ථිකය ගොඩනඟාගතහැකියි...අපේ මිනිස්සු කවදාවත් හැං බේකන් ඉල්ලුවෙ නැහැනෙ...
    ඒ කැඩී බිඳීගිය හිත් එක්කරන්න මේ සයිබරය තුළ උඹ කරණ මේ හුදෙකලා සටන ඇත්තටම කොහොම අගයකරන්නද මන්දන්නෑ..

    සුලා...

    ReplyDelete
  15. @සුලා:
    සොයුරේ කලකිරිල්ල ගැන ලියන්න වචන නැත. ඒ පවම නේද අපි කල්පකාලාන්තරයක් තිස්සේ මේ ගෙවන්නේ...

    තවමත් විශ්වාසයි ගොඩගන්න පුලුවන්!

    ReplyDelete