Monday, November 29, 2010

ඔබේ රිද්මය මගේ රිද්මය


දුවලා අහුමුලු හැම තැන
දුබලා ආ එක් කර ගෙන
විදලා පෙනහළු මානෙ යවන
සලනා විඩාව දුරුලන පවන
පිලිගෙනා බලැති රුහිරු

හැකිලී විසිරෙන විසිරී හැකිලෙන
ලබ් ඩබ් හඬ ඇති කරමින
බෙදලා යවන හරි හරියට ජීවය දෙන
විශ්මිත පුංචි පොම්පය හදවත මම

මොහොතක විරාමයක් නැති
නුඹ දුවන්නේ කොහොමද
මහන්සියක් නැතිවා මගේ සකි
රැකගෙන රිද්මය හරි හැටි

මග බලනා ලොකු පොඩි අය එමටයි
ඇදෙන්නට දුර බෝමයි
පමාවුනොත් මැලවෙනවා නිසැකයි
විරාමයක් ගන්නට බෑමයි

මෙතුවක් කල් මට අත දුන්න
තවත් කලක් මට අත දෙන්න
මල් පොඩි අතු අග ලෙලදෙන්න
ඔබේ රිද්මය මට රැක දෙන්න

මග තොට බාධක මතුවීම
මා වෙහෙසන බලපෑම
පොඩ්ඩක් වෙහෙසී එය වලකන්න
මගේ රිද්මය ඔබ රැක දෙන්න

ප.ලි:
පද කාණ්ඩ හදවත හා පුද්ගලයා අතර දෙබසක් හැටියට ඉදිරිපත්කර ඇත. පලමු කාණ්ඩ දෙක හදවත තමුන් ගැන ද එතැන් සිට මාරුවෙන් මාරුවට පුද්ගලයා හා හදවත අතර සිදුවන සංවදයයි.

Thursday, November 25, 2010

කට රතු


බුලත් කොළය පිරිමැද
පුවක් දුම්කොළ
හුණු ඇබින්දක් එක්කර
හැකි පුලුවන් උදවිය
කරදමුංගු වසාවාසිත් ගෙන
රස කර හපමින
චුරුස් ගා විද විද
පැල්ලම් ඇති කර
හපය ඉවතලන
වියැකෙන තුරු පැහැය
කට රතු දොඩවන

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts