Saturday, July 15, 2023

පතොක | The Cactus

 


කතරක,
ඉඩෝරය
නොයදිමි දිය...
එනමුදු,
බෙදන්නම්
සිසිලකාරක,
පුංචි මලක්
මටසුමට හැඩ නැති
කටු අතු අග...
- පතොක


සටහන:
සිසිලකාරක = Coolants, සිසිල ගෙනදියහැකි, සිසිල් කරතෑකි
කෝමාරිකා (aloe vera) ද පතොකකි

Wednesday, July 5, 2023

කවිය නොලියූ | Unwritten

 


කළු මිනිරන් තුඩ මොට
සුවඳ දෙන රබරය
ගිලගන්න
බලා ඉඳී දිලිසෙන මුදුව
පැන්සල් කොට කෙළවර,
ලියමින් මකන
මකමින් ලියන
හම ගිය
හිස් කොළය
අවපැහැ...

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts