Thursday, April 14, 2022

අපිට ඕනේ හෙටක්!


පාලකයා හැමදාම කලේ බොරුව
ඇම දාලා බාගත්තේ අහිංසකයිනගේ ඔළුව

කොහොම හරි කොටවලා බේදකරලා 
පුරවා ගන්නේ උන්ගේ චන්ද මල්ල
අරං බලය රකින්නේ උන්ගේම නඩය
ඉන්නකම් බලයේ හොරා කකා කරන්නෙම බොරුව
උනුන් අතරේම බෙදාගන්නවා ජාතික ධනය
ඔක්කොම බර පටවන්නේ මහජනයා පිටම
උන් එපාවීගෙන එනකොට
තව රොත්තක් වලිකනවා 
තවත් පොටක් පාදාගෙන
ලොකු, ලොකු බලාපොරෝත්තු ඇති කරනවා

පාලකයා හැමදාම කලේ බොරුව
ඇම දාලා බාගත්තේ අහිංසකයිනගේ ඔළුව

ආයෙත් තවත් බොරුවක් ජය ගන්නවා
උනුත් කරන්නේ එකම ප්රෝඩාව 
සාක්කු පුරවාගෙන උන් යන්නට යනවා
පරණ හොරා අලුත් වෙලා ආපහු එනවා
මාරුවෙන් මාරුවට උන් අපිව හොරා කනවා

පාලකයා හැමදාම කලේ බොරුව
ඇම දාලා බාගත්තේ අහිංසකයිනගේ ඔළුව

අම්මේ තත්තේ, නැන්දා මාමේ,
අයියේ අක්කේ, නංගි  මල්ලි 
අපි හැමදාම රැවටෙනවා
උන් හැමදාම රජවෙනවා
අපි පල්ලෙන් පල්ලට වැටෙනවා
තව කොච්චර කාලයක් රැවටෙනවා ද?

පාලකයා හැමදාම කලේ බොරුව
ඇම දාලා බාගත්තේ අහිංසකයිනගේ ඔළුව

අපිට ඕනෙ අපේ  අනාගතය
නිදහස, ජීවිතය
තවත් පල්වෙන්න බැහැ එක තැන
බැහැ, බැහැ හැමදාම රැවටෙන්න
අපිට ඕනේ හෙටක්
විස්වාසයක් ඇති හෙටක්
අලුත් යුගයක්...
එන්න එක්වෙන්න දිනාගන්න 
ලස්සන රටක්...

එපා එපා තුවක්කු මුණිස්සම්
නැතුව බියක් සැකක් අත්වැල් බැදගෙන
අරගෙන රෝසමලක්
එකතුව පුංචි, පුංචි වතුර පොදක් ලෙස
ගලන්නටවි ජන ගඟක්
ආදරයෙන්, සෙනෙහසින්, සාමයෙන්
වෙනස් කරන අරගලයක්...
ඉටුකරන්නට ජාතික වගකීමක්...
දිනවමු
අපේ රට, අපේ ලක්මව සෙනෙහසින්...
අපිට ඕනේ  හෙටක්!

Friday, March 25, 2022

බලාපොරොත්තුව - The Hope

 


සඳ සැඟවිලා අඳුර ගිලගෙන අහස
දින ගනිනවා ඇති පිළිගන්නට
නව සඳ, මුදු රැස්
අඳුර වෙලාගෙන ගොඩකරය
බලසුන්ව සැර රැහැන්
අරපිරිමහන්න විදුලි බලය 
බිඳුණ සුදු පෙණ අතුරා
ඔබ මොබ දුවන කඩිසර රළ
සරසයි දියඹ
තැන තැන විසිරුන පහන් එළි
පාවෙන යාත්‍රා
හැඩ කරන අඳුරු සිත්තම...

සාගර නීතිය රජයන
තෙරක් නැති සයුර
නොවී සැර පරුෂ
සපුරනවා ඇති බලාපොරොත්තුව,
දවසේ මඩිය...
එහෙත්
සයුරින් වට ගොඩකරය
මිදෙන්නේ කවදා ද
සාගර නීතියෙන්,
අඳුරෙන්...

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts