Wednesday, March 16, 2022

කෝච්චියේ දිරන


 

හෝ හෝ හඬ මැඩගෙන
සමුද්‍ර දේවිය
බලා නොබලා මහ සයුර
අඳුර කපාගෙන ඇදෙනවා...

කොටුපවුරේ ඔරලෝසුව
මද එළියේ තනිවෙලා
විඩාබරව නැවතිලා,
ඒත් පුරුද්දට බලනවා...

අන්තිම බස්රිය පණ ගැහිගැහී
මග බලා ඉන්නවා,
විදුලි පන්දම් එළිය
අඩි පාර දිගේ පිය මනිනවා,
අපේ ගෙදර සඳ රැසින් දිලෙනවා...

පිනි දියෙන් නැහැවුණ බස්රිය
දවසේ විරාමය නිමා කර
හිරුටත් කලින් නගරෙට ඇදෙනවා,
හිමිදිරි අඳුරේම සමුද්‍ර දේවිය
කොළඹ දුවනවා...

ගමට වැටෙන හිරු කිරණ
අකැප ද තාත්තේ
නුඹේ ජීවිතය කෝච්චියේම
දිරෙනවා...

සමුද්‍ර දේවි: වෙරළබඩ දිනපතා කාර්යාල දුම්රිය

Saturday, March 5, 2022

ගිජුලිහිණියනේ වරෙව් පහතට - Come Down Vultures

 


ගිජුලිහිණියනේ
වරෙව් පහතට බැස අහස් විමානයෙන්
කුරුලු ඇසෙන් දකින දසුන
මුළා කරනවා ඇත තොප...
සංගීත රාවය වීදියේ කෙළවර
සතුටු සාදයක් නොව 
පාළුව දුක තුනී කෙරුමට මිස
වරුගණන් උන් ඉන්නා පෝලිමේ...
සරසා මල් වෙඩි බෙදා කිරිබත
සැමරුව හන්දියේ
උන් අද පෝලිමේ 
ජීවිත ජීවත් කෙරුමට අරගලේ
දුවනවා පෝලිමෙන් පෝලිමට
නිනව්වක් නැති දේශයේ…
ගිජුලිහිණියනේ
වරෙව් පහතට,
බැස අහස් විමානයෙන්...

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts