රාත්‍රී භාණ්ඩ ලේඛනය
කාගෝ ටර්මිනලය, තෙවන වැඩ මුරය
සෝඩියම් එළිය යට රෑ නිසසල වෙයි,
ෆෝක්ලිෆ්ට් නැළවිලි ගී සෙමින් මුමුණයි,
ලේඛනයේ "මිනිස් අවශේෂ" යැයි තිබෙයි,
පෙට්ටියක් කොතැනක හෝ බලා සිටියි.
රෑ යානය ප්‍රමාදව ගොඩ බැස්සේය,
දුර රටක අමුත්තෙකු රැගෙන ආවේය,
සින්ක් බැඳි සීල් කළ පෙට්ටියක නිදියන,
විදෙස් මුද්‍රාවක් සහිත නිහඬ ගමන.
ටැග් කරමු, ස්කෑන් කරමු, රාක්කයේ තබමු,
දෙකහමාරයි කියා ඔරලෝසුව දකිමු,
සීතල කාමර දොර හුස්මක් ගනියි,
හුළඟක් නැතිවිටත් සෙමෙන් සෙලවෙයි.
ඒ රාක්කය අවටම සීතල වැඩි වෙයි,
අංශක පහක් අරුණට පෙර බැස යයි,
ලිපිගොනු නැති ඒ මිනිසා තැබූ තැන,
රාත්‍රී සේවකයෝ දිවුරති ඒ දැන.
විසි වසරක් රෑ වැඩ මුරයේ හිඳි ඔහු,
හතරවැනි දොර පසුකලේ බියෙන් බියෙන්,
ඇස් ඔසවා බලයි සැකයෙන් සැකයෙන්,
ඒ පෙට්ටිය සටහන් වූයේ ඔහුගේම අතින්.
හය දෙනෙකු ඇතුළු වී, පස් දෙනෙකු පිටත් වූයේය,
ලේඛනයේ ඒ බව පැහැදිලිව ලියැවුණේය,
ඉතිරිව සිටින්නේ කවුදැයි කියනු බැරිය,
ජීවතුන් අතර කවුදැයි කිසිවකුට නොදැනේය.
හිස් වාතයට ස්කෑනරය බීප් හඬ දෙයි,
පැලට් ජැක් එක සෙමෙන් ඇදී යයි,
මැදියම පරීක්ෂා කළ සීල් සියල්ල,
පේළියෙන් පේළි කැඩී ඇත නිසල.
ශීතකරණයේ නිහැඬි අඳුරේ කොතැනක හෝ,
ටැග් බැඳි පාද ඇඟිල්ලක් පැය ගණන් කරයි,
ගුවනින් ආ මොහොතේ පටන් ගත වූ ඒවා,
කිසිදා නොපැමිණි ගමනක් ගැන සිතයි.
මළවුන්ට ඕනෑ නිවසට යන්නටයි, ඒ නිසා,
හැම ලේබලයක්ම දෙවරක් කියවා,
දොරටුවේ වැරදි පැත්තේ නිහඬව,
බලා සිටිති ඔවුහු ඉවසා.
හුරු හඬකින් ඔබේ නම කැඳවුවොත්,
ප්ලාස්ටික් එතූ පැලට්ටුවකින් ඇසුනොත්,
පිළිතුරු නොදෙන්න, ඒක අතහරින්න,
එපා ඒ දෙස හැරී බලන්න.
වේලාව සටහන් කර, පත්‍රිකාවේ අත්සන් තබා,
ඇස් යොමන්න ඉදිරියට, පිටුපස නොබලා,
මළවුන්ට ඇත්තේ ඉතා දිගු ගමනක්,
කාලය ගෙවන්නට ඇත ඔවුන්ට ඉවසුමක්.
අරුණාලෝකය දොරටු විවර කරද්දී,
උදයේ වැඩ මුරය ඇතුළු වන විට,
ඔබ සුදුමැලි නිහඬ ඇයි කියා ඔවුන් අසති,
කෙට්ටු වූ ඔබේ අත් ගැනත් විමසති.
නොකියන්න ඒ දේ කිසිවකුටත් කවදාවත්,
හතරවැනි දොර බිත්තිය ළඟ දුටු රෑ ඒවා සියල්ලත්,
ලේඛනයේ එකක් අඩුය, ඒ බව මතක තබන්න,
තවත් එකක් ඇමතුමට සූදානම් බව දැනගන්න.
The Night Manifest මගේ Amazing Spring බ්ලොග් අඩවියේ පළකළ, AI සහාය ලබාගෙන කල English spooky poem එකකි. එය සිංහල බ්ලොග් කියවන්නන්ගේ රසාස්වාදය සඳහා සිංහලින් සකසා මෙහි පළකරනවා.
භාණ්ඩ හා සැපයුම් (in cargo and logistics) ක්ෂේත්රයේ දී, manifest - මැනිෆෙස්ටයක් යනු යාත්‍රාවක, ගුවන් යානයක, දුම්රියක හෝ ට්‍රක් රථයක ගෙන යන සියලුම භාණ්ඩ, නැව්ගත කිරීම් හෝ බහාලුම්වල සවිස්තරාත්මක ඉන්වෙන්ටරි ලැයිස්තුවකි. භාණ්ඩ ප්‍රවාහනය කරන්නන් එය රේගු සහ වරාය බලධාරීන්ට ඉදිරිපත් කර යානයේ ඇති දේ ප්‍රකාශ කිරීමට භාවිතා කරයි.
"රාත්‍රී භාණ්ඩ ලේඛනය - The Night Manifest" යනු ගුවන් තොටුපලේ කාගෝ භාණ්ඩ හසුරුවන අංශයක රාත්‍රී වැඩ මුරයේ සේවය කරන පුද්ගලයින් පිළිබඳ කතා පුවතක් වටා ගෙතුන කවියකි. එක් රාත්‍රියක, ගුවන් යානයක් අතුරුදහන් වූ කඩදාසි සහිත මුද්‍රා තැබූ පෙට්ටියක් ගෙන එයි. ඊට පසු, අමුතු දේවල් සිදුවීමට පටන් ගනී: සීතල කාමරය සීතල බවක් දැනේ, මුද්‍රා කැඩී ඇති බව දක්නට ලැබේ, සහ ලැයිස්තුවේ නම් හයක් ඇතුළට යන නමුත් එළියට එන්නේ පස් දෙනෙකු පමණි. මිය ගිය අය නිවසට යාමට පමණක් උත්සාහ කරන බවත්, ඔවුන්ගේ ගමන අවසන් වන තෙක් තවමත් බලා සිටින බවත් කවිය යෝජනා කරයි. එය නිහඬ අනතුරු ඇඟවීමකින් අවසන් වේ: ඔබ දන්නා අඳුනන හඬකින් ඔබේ නම අඳුරේ කතා කරන බව ඔබට ඇසුණේ නම්, පිළිතුරු නොදෙන්න. එයට නිදැල්ලේ යන්න ඉඩ හරින්න, ඔබේ වැඩ පුරුදු විදියට කරගෙන යන්න.

මඟී ගුවන් යානයක මිනියක් ගේන එක, ඒක කාගෝ දාන එක ගැන හිතන කොට නං ඇඟේ හී-දඩු පිපෙනවා.😮😵💫🥶
ReplyDelete+++++++++++++++++👌💐