Wednesday, September 2, 2026

නුඹ මඟෑරුනා - I Missed You Out

 



නුඹ මඟෑරුනා මට,
රළ මියගිය
සයුර සේ

තරු ද නිදි
අහස සේ

තුරු ලතා නැති
අරණ සේ

පෙති නැති
මල සේ

අත්තටු අහිමි
විහඟෙකු සේ

වචනයක් පවා නැති
වැකියක් සේ

ලියන්නට බැරි වූ
කවිය සේ

නුඹ මඟෑරුනා...



පදපෙල මියුරු ගීතයක් හැටියට සවන්දෙමු ද?

තුතිමල් මිටක්: ලස්සන තනුව හා සිංදුව | Beautiful song done by Suno AI

12 comments:

  1. ගල්මල් අඩවියේ කියවන මේ ටයිප් එකේ පලවෙනි පදපෙල වෙන්න ඕනේ මේක. ලස්සනයි. සින්දුව නියමයි.

    ReplyDelete
    Replies
    1. එකම ආරක් කියලා විශේෂයක් නැහැ විවිධ මාතෘකා තෝරාගෙන පදකරනවා. බොහෝම ස්තුතියි සටහනට.

      Delete
  2. Replies
    1. බොහෝම ස්තුතියි, මේ වැට ගොඩාක් වටිනවා.

      Delete
  3. මේ කවිය කෙටි වුණත් අහිමිවීමේ හැඟීම හරිම ගැඹුරට දැනෙන්න ලියලා තියෙනවා. “නුඹ මඟෑරුණා” කියන අදහස එකම විදිහකට නොකියා, රළ නැති සයුර, තරු නැති අහස, තුරු නැති අරණ, පෙති නැති මල, අත්තටු නැති විහඟා වගේ රූපක එකින් එක ගෙන එමින්, නුඹ නැතිවීමත් එක්ක ලෝකයම හිස් වෙලා යන හැටි පෙන්වනවා. අවසානයේ “වචනයක් පවා නැති වැකියක්” සහ “ලියන්නට බැරි වූ කවියක්” බවට එනකොට ඒ හිස්කම තවත් තදින් දැනෙනවා. මට නම් මේකේ ලස්සනම දේ, නුඹ නැතිවීම කියන්නේ කෙනෙක් නැතිවීමක් විතරක් නොවෙයි, තමන්ගේම ලෝකයේ අර්ථයත්, අවසානයේ තමන්ගේම කවියත් අහිමි වීමක් බවට පත් කරන එකයි.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මයියා මේ විමසුම් සටහනට. ඒක අගෙයි.

      Delete
  4. කවිය ඔබ...
    තුන්තිස් පැයක් නිදිවරා වෙහෙසී
    සිත දෙගිඩියාවෙන්
    තවම නොලියූ
    කවිය ඔබ...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි නංගී, සුනිල් ආර් ගමගේ ලියූ ලස්සන ගීතයක් එය තවත් ලස්සන වුනා අර්ථවත් වුනා දීපිකා ප්‍රියදර්ශනී පීරිස්ගේ ගායනයෙන්.

      Delete
  5. ලියන්නට බැරි වූ
    කවිය සේ - පන්ච් ලයින් එක මරු (ඊයේ දවස පුරාම කමෙන්ට් එකක් දාගන්න බැරිව හිටියේ බ්ලොග් වල )

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි, අගේ ඇති ඒ සටහනට.
      ඔව් බ්ලොග් රෝලේ අප්ඩේට්වීම්, කමෙන්ට් කිරීම් ප්‍රශ්ණ නිතර නිතර මතුවෙනවා. බ්ලොග්ස්පොට් එක හොට්ස්පොට් එකක් නොවේවා කියලා පතනවා.

      Delete
  6. නුඹ මඟෑරුනා...
    ජීවය නැති ජීවක් වගේ දැන්නම්. කවියේ හැටියට එහෙම නෙ

    ReplyDelete
    Replies
    1. හරියට හරි, ඒකයි සමරිය. බොහෝම ස්තුතියි සටහනට.

      Delete

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts