Saturday, July 22, 2023

කැටයම් - The Carving

 


තරු හෝටල සාලාවෙ
පාට පාට ආලෝකය
පීරන සුවිසල් මේස
දිලෙනවා
එළවළු ගෙඩි පලතුරු
නෙක විසිතුරු කැටයම්
පෑ දස්කම්

එපිට රථ ගාලේ
මැඩ ගෙන හිරු රස්මිය
බඩ පිට ඇලි නෑ'ලි
පොඩි එවුන් දෙදෙනෙකු
දුව දුව යදිනවා
සෝදන්න ද දිලිසෙන රිය
ඉපැයුමට
කාසි සියයක් දෙකක්

පිවිසුම් දොරටුව
රකින ලා නිල ඇඳුම්
බැන බැන එලවනවා
හිස් බඩට පුසුඹ බුදිමින්
කාසි යදින එවුන්,
කානුව දිගේ ගලා බසී
රූප කැටයමට ඉඩ දී
පතුරුව විසිවුන
රස ගුණ පිරි
ඉඳුල්

3 comments:

  1. ලස්සන ගාලු පුරවරයෙන් එන, 80 ගණන් වල මුල් භාගයේ සිට කොම්පියුටර් තාක්ෂණය හා සම්බන්ධ ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න මා එම් ඩීන් මල්ලිගේ බ්ලොග් අඩවිය සින්ඩි වලින් ඉවත් කර ඇත්ද?

    මෙහි පාඨක අදහස් පල නොවන්නේ ඒ නිසාද?

    අජිත් ධර්මකීර්ති - ප්‍රධාන විධායක නිලධාරී, නෙළුම් යාය සිංහල බ්ලොග් පදනම

    ReplyDelete
    Replies
    1. කිසිම වෙනසක් වුනේ නැහැ, feeds වල ප්‍රශ්ණයක්වත් ද?

      Delete
    2. Comments නැත, views වෙනසක් නැත. Looks fine

      Delete

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts