Saturday, March 4, 2023

මිදීම - Unleash

 


මද පවන
සැඩ සුළඟ
මාරුතය
ජයගෙන ඉඳින්නැ'ති
වාර අවාර
තරණය කර
ගස රකින්නැ'ති
ඉඩදී
නව දළු, රිකිලි
හැලෙන්නැ'ති...


10 comments:

  1. විල්බට් අඹතලාවMarch 4, 2023 at 9:50 AM

    එම්. ඩීන් ගෙන් තරමක් රසවත් කවි පදක්.

    ReplyDelete
  2. ඉගිල යන පතකට ඉඩදී
    නෙත් හරින ලදල්ලක් ලඟදී
    හැරිලා බැලෙයි නොවැර දී
    අළුත් කිසිවක් පිපී ඇද්දැයි
    හිතේ අහුමුල්ලකවත් සැඟවී....

    ReplyDelete
    Replies
    1. මේ පදටික හරිම සුන්දරයි, ඇත්තෙන්ම තැතිගෙන බලනවා ඇති, කවදා හරි සොබාදහමට අවනත වෙලා හැලෙන්න වෙනවා නේද කියලා. බොහෝම ස්තුතියි ඔබට.

      Delete
  3. අලුත් අයට තැන දීල හැලිල යන්නැති එකෙන් සෑහෙන විපත්ති සිද්දවෙනව කියල පේනවනෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසා, සවබාධර්මයේ නීතිය. ස්තුතියි ඔබට.

      Delete
  4. අරුත්බර නිසඳැසක් . කුරුන්දගේ බ්ලොගේ කොමෙන්ට් දැකල ආවේ. ප්‍රසාන් එහෙමත් ඉන්නවනේ

    ReplyDelete
    Replies
    1. පළමුව ගෞරවයෙන් සෙනෙහසින් ගල්මල් අඩවියට පිලිගන්නවා. ඔබේ ඇගයුම බොහෝම වටී, බොහෝම ස්තුතියි.

      Delete
  5. lassanayi..! apuruyi deen ayye.!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි රවා මල්ලී

      Delete