Saturday, December 17, 2022

අසරණව | Broken

 


පාටකූරු පෙට්ටිය අරගෙන
රූප පොත පෙරළාගෙන
පොඩි පුතු විමසයි
රූපෙට දියයුතු පාට...

චොකලට් කෑල්ල චොකලට් දුඹුරුය
ස්ට්‍රෝබෙරි ගෙඩිය ස්ට්‍රෝබෙරි රතුපාටය
බ්ලූබෙරි නම් දම්පාටය
දොඩම් ගෙඩිය අපේ කොළපාටය
රට ඒවා ඔරේන්ජ් පාටයි
නෙව පුතේ...

පාටකූරු කෑලි තෝරන පොඩ්ඩා
නහය ඇඹුල් කරගෙන අතරමංව!
චොකලට් පෙත්තක, රස පළතුර
මතක නැද්ද පුතේ?
දුක හිතුණා...

රුපියල සරුංගෝලය
රුකුල් දි දී අහසේ නැගලා
වරල් සල සලා ඔහේ පාවෙනවා
කඩ රාක්ක උසින් උසය 
අපි කුරු මිනිසුන් කරලා
සුරංගන කතා කියන පාලකයා
පඩිපත හූරනවා...


English version: Broken

6 comments:

  1. හොඳ නිර්මාණයක්. ඒත් අන්තිම පේළි දෙක නොතිබුනානං හොඳයි කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි, ඔබේ අදහස අගයමි. ඇත්තෙන්ම ඒ පේලි දෙක අන්තිමට එකතු කලේ ඉංග්‍රීසි වර්ෂන් එක කරාට පසුව.

      Delete
  2. ලස්සනයි නිර්මාණය.

    මේ යන හැටියට අනාගත පරම්පරාව ගැන තමයි දුකක් ඇතිවෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ප්‍රසා. ඒක තමයි කණගාටුවට කාරනයත්, පේන තෙක් මානයක එළියක් ඇද්ද සැකයි.

      Delete

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts