Wednesday, September 18, 2019

වාරය - In Turn


තොරක් නැතිව
ඇදහැළුණ වැස්ස
පුංචි විරාමයක් දීලා...
වීදි පහන් එළියේ
කඩිසර මෙරුවන් 
සැනකෙළියක...
අඳුරු අහසේ
උදා හිරු ද සැඟවීලා
කාක කරච්චලය
පහන් කණුව වටේ
විසිරුන මෙරුවන්
අහුලන...
ඉක්මන් කරපිය කුහුඹුවනේ
පෙරහැර 
නිසල මෙරුවන් 
ගෙනියන...
හිරු රජිඳු මුවා වෙලා
ඉවසුම් නැතුවා ඇති
ඔද තෙද පාවි
ඉරා තිමිර පට
වස්සවා තව වැස්සක්...

5 comments:

  1. what is මෙරුවන්?
    what is english word?

    ReplyDelete
    Replies
    1. මෙරු = Winged Ants

      Ants with wings can be a pretty common sight at certain times of the year because at least some members of almost all ant species can develop wings and fly. Winged ants are swarming ants seeking to breed and reproduce. Flying ants may be male (the drone) or female (the queen)

      For more info can be found here:
      https://www.thespruce.com/why-do-ants-have-wings-2656364


      Delete
  2. මෙරුවන්ව ආයෙ කූඹි ගෙනියනවා ද කෑමට.. ??
    ඇත්තටම මෙරු කියන්නෙ තටු ආපු කූඹි ද? මම හිතුවෙ ඒක තවත් මිත්‍යවක් කියලා

    ReplyDelete
    Replies
    1. ඔව්, මෙරු කියන්නේ තටු ලද කූඹින් කියලයි පොදුවේ කියන්නේ. එහෙත් කූඹි, වේයන් වැනි සමූහ (රාජධානි) වශයෙන් ජීවත්වෙන කෘමීන්ට තටු ලැබීම පොදුවේ මෙරුවන් හැටියට හඳුන්වනවා. මෙරුවන්ට තටු ලැබීම ජීව විද්‍යාත්මකව වර්ගයා බෝකිරීමේ අවස්ථාවකට පත්වීමක්, එහෙත් උන්ට හිමිවෙන්නේ කෙටි කාලයක්.

      මෙරුවන් මතුවෙන්නේ විශාල රංචු හැටියට, උන් දීප්තිමත් ආලෝකය කරා ඇදෙනවා. මෙරුවන් මතුවූ විට විදි ලාම්පු එළිය දිගේ ලාම්පුවටම ලංවෙලා පිච්චිලා ජීවිතක්ෂයට පත්වෙනවා. මේ කාරණයයි පද රචනාවල යොදාගන්නේ.

      Delete
  3. මෙරුවන් ගැන මීට කලින්:
    පොරකන මෙරුවන්
    https://galmal.blogspot.com/2011/01/blog-post_22.html

    ReplyDelete