ලොකු රෝද
සීරු මාරුවට
සුමටව
කරකවා
ගමනාන්තයට සේන්දු කරන්න
තෙරපෙන
ගෙවෙන
පොඩි බෝල
බෙයාරිං...
රෝද
බකල් වූ දා
ගැලවී විසිවෙන
ගෙවී ගිය
බෙයාරිං...
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...
ඩීන් අයියව දැක්කෙ බොහොම කාලෙකින්.. අපූරු සුපුරුදු කෙටි කවියක් එක්ක..
ReplyDeleteමේ ටිකේ පොඩි වැඩකට බෙයරින් එක්ක ඔට්ටු වෙවී ඉන්නකොටම තමා ඩීන් අයියා බෙයාරින් කවියක් දැම්මෙත්.. හෙහ් හෙහ්....
ඔව් සෑහෙන කාලයකට පසුව. හැම පීඩනයම, ඝට්ටනයම විඳගෙන ඔසවාගෙන යන... ඉන් පස්සේ (ගැලවිලා විසිවෙන) කියන අදහසින් මෙය ලිව්වේ.
Deleteබෝල විතරක් නොව
ReplyDeleteරෝල විදියටද එන
බෙයා රිං
ඔව්, ඔබ හරි, මේ පදපෙල ලියද්දි ඒකත් මතක් වුනා. තවත් වර්ගයක් තියෙනවා නීඩ්ල් බෙයාරිං, ඒකේ ඉතා සියුම් ඩයමීටරයක් සහිත රෝල් යොදා ගන්නේ.
Deleteවටේ දැති තියන බෙයාරිං තියනවද? මට එහෙම එකක් හොයා ගන්න ඕනා..
DeleteRifle Bearings ද? ලින්ක් එක බලන්න
Deletehttps://s3.amazonaws.com/hs-wordpress/wp-content/uploads/2017/12/12185843/hs_fdb_031.jpg
You can search in McMaster web Catalogue:
https://www.mcmaster.com/bearings
ස්තූතියි ඩීන් අයියා.
Delete